FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඇමරිකාය පියාඹන පීරිසි රහස් හෙලි කරයි.. UFO වීඩියෝ එලියට..

FM Heart · 4 min read

The Heart Academy
මෙම ලිපිගොනු අතර 1952 වසරේ සී.අයි.ඒ. අනතුරු ඇඟවීම්වල සිට 2026 වසරේ හමුදා අධෝරක්ත වීඩියෝ දර්‍ශන දක්වා තොරතුරු ඇතුළත් වේ. එමෙන්ම ඩොලර් මිලියන 22 ක පෙන්ටගන යූ.එෆ්.ඕ. වැඩසටහනක් පිළිබඳව ආරක්ෂක කොන්ත්‍රාත්කරුවෙකු වන 'බිගලෝ එයරොස්පේස්' සමාගම සැකසූ පිටු 494 ක ප්‍රගති වාර්‍තාවක් ද මීට ඇතුළත්‍ය. 1. මැදපෙරදිගින් හමු වූ නව හමුදා වීඩියෝ තුනක් 2020, 2023 සහ 2026 වසරවලදී මැදපෙරදිග කලාපයේ රාත්‍රී දෘෂ්ටි සහ තාප සංවේදී කැමරා මඟින් පටිගත කරන ලද වීඩියෝ දර්‍ශන තුනක් මීට ඇතුළත්‍ය. කෙසේ වෙතත්, එම කැමරාවල සටහන් වූයේ කුමක්ද යන්න පිළිබඳව අවසන් නිගමනයකට පැමිණ නොමැති බව බලධාරීහු සඳහන් කරති. 2. බටහිර ඇමරිකාවට ඉහළින් පැයට සැතපුම් 1,650 ක වේගයෙන් ගිය වස්තුව 2023 වසරේදී බටහිර ඇමරිකාවේ සිවිල් ගුවන් ගමන් රේඩාර් පද්ධතියක අඩි 55,000 සිට 70,000 දක්වා ඉහළ අහසේ තත්පර 84 ක් තුළ සැතපුම් 38.5 ක දුරක් ගමන් කළ හඳුනා නොගත් සංඥා අටක් සටහන් වී ඇත. එය පැයට සැතපුම් 1,650 ක (Mach 2.5) වේගයක් ලෙස ගණන් බලා ඇතත්, රේඩාර් ස්කෑන් කිරීම තත්පර 12 කට වරක් සිදුවූ බැවින් එය තනි යානයක් දැයි තහවුරු කිරීමට නොහැකි වී තිබේ. 3. 1953 දී ප්‍රකට ගුවන් යානා නිර්‍මාණකරු කෙලී ජොන්සන් දුටු යානය U-2 සහ SR-71 බ්ලැක්බර්‍ඩ් ඔත්තු බැලීමේ යානා නිර්‍මාණය කළ ලොක්හීඩ් ඉංජිනේරු ක්ලැරන්ස් "කෙලී" ජොන්සන් 1953 දෙසැම්බර් 16 වැනිදා කැලිෆෝනියාවේදී අඳුරු අඩසඳ හැඩැති යානයක් නිරීක්ෂණය කර ඇත. එම අවස්ථාවේදීම නාවික හමුදා ගුවන් යානයක කාර්‍ය මණ්ඩලයක් ද එම වස්තුවම ගුවනේදී දැක තිබුණද, ගුවන් හමුදාවේ 'ප්‍රොජෙක්ට් බ්ලූ බුක්' ව්‍යාපෘතිය එය වලාකුළක් ලෙස බැහැර කර තිබිණි. 4. 1952 සී.අයි.ඒ. වාර්‍තාව සහ පැහැදිලි කළ නොහැකි සිදුවීම් 1947 සිට 1952 දක්වා කාලය තුළ "පියාඹන පීරිසි" පිළිබඳ වාර්‍තා 1,500 ක් පමණ සී.අයි.ඒ. විශ්ලේෂකයින් විසින් සටහන් කරගෙන ඇත. ඉන් සියයට 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් පැහැදිලි කළ නොහැකි බව එහි සඳහන් වන අතර, මෙම වාර්‍තා ජාතික ආරක්ෂාවට සහ මහජන කැළඹීම් ඇති කිරීමට තුඩු දිය හැකි බවට එවක සී.අයි.ඒ. අධ්‍යක්ෂ වෝල්ටර් බී. ස්මිත් අනතුරු අඟවා තිබේ. 5. න්‍යෂ්ටික මිසයිල මධ්‍යස්ථාන අසල සිදුවීම් මොන්ටානා ප්‍රාන්තයේ මැල්ම්ස්ට්‍රෝම් ගුවන් හමුදා කඳවුර ඇතුළු න්‍යෂ්ටික මිසයිල මධ්‍යස්ථාන ඉහළින් දිදුලන තැටි වැනි වස්තූන් දිස්වීම පිළිබඳ වාර්‍තා රැසක් හෙළි වී තිබේ. 1967 මාර්‍තු මාසයේදී එවැනි වස්තුවක් දිස්වීමත් සමඟ මිනිට්මෑන් න්‍යෂ්ටික මිසයිල 10 ක් හදිසියේ අක්‍රිය වූ බව ද වාර්‍තා වේ. එමෙන්ම 1957 දී මිචිගන් හි න්‍යෂ්ටික බලාගාරයක් අසලදී අඩි 120 ක් පමණ පළල පීරිසියක හැඩැති යානයක් තරුණයින් දෙදෙනෙකු දැක තිබේ. 6. 1957 දී මාතාස් වින්‍යාඩ් අසල ධීවරයින් දුටු වස්තුව 1957 ඔක්තෝබර් 12 වැනිදා මැසචුසෙට්ස් වෙරළට ඔබ්බෙන් ධීවරයින් පස්දෙනෙකු මුහුදට ඉහළින් ගමන් කළ හඳුනා නොගත් වස්තුවක් පිළිබඳව හමුදා බුද්ධි අංශ වෙත වාර්‍තා කර ඇති අතර, එහි අතින් අඳින ලද සටහනක් ද ලිපිගොනුවලට ඇතුළත්‍ය. 7. 'ස්කින්වෝකර් රෑන්ච්' වෙත හමුදා නිලධාරීන් යැවීම පෙන්ටගනයේ ඩොලර් මිලියන 22 ක ව්‍යාපෘතිය (AAWSAP) යටතේ 2009 වසරේදී සක්‍රීය සේවයේ නියුතු හමුදා විමර්‍ශකයින් තිදෙනෙකු සහ උපදේශකවරයෙකු යූටා ප්‍රාන්තයේ 'ස්කින්වෝකර් රෑන්ච්' (Skinwalker Ranch) භූමියට යවා තිබේ. එහිදී ඔවුන්ට හදිසි උෂ්ණත්ව පහත වැටීම් මෙන්ම, රාත්‍රී දෘෂ්ටි කණ්ණාඩි තුළින් දීප්තිමත් ආලෝක ප්‍රභවයක් ද දැකගත හැකි වී ඇති අතර, එක් එක් නිලධාරියාට එය විවිධ හැඩයන්ගෙන් (රවුම්, ඕවලාකාර, සෘජුකෝණාස්‍ර සහ දියමන්ති හැඩයෙන්) පෙනී ඇත. 8. පිටසක්වල ජීවීන් සිටින බව පිළිගෙන විවාද පැවැත්වීමේ යෝජනාවක් කැලිෆෝනියා විශ්වවිද්‍යාලවල යූ.එෆ්.ඕ. පිළිබඳ ප්‍රසිද්ධ සංවාද මණ්ඩප ('Project Forum') පැවැත්වීමට බිගලෝ එයරොස්පේස් සමාගම යෝජනා කර තිබූ නමුත්, පෙන්ටගනය ඊට අනුමැතිය දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැත. 9. සෙනෙට් සභික හැරී රීඩ්ගේ රහස්‍ය ඉල්ලීම පෙන්ටගනය ප්‍රතික්ෂේප කිරීම 2009 ජුනි මාසයේදී එවක සෙනෙට් සභා නායක හැරී රීඩ් මෙම ව්‍යාපෘතියේ සොයාගැනීම් පුද්ගලයින් 14 දෙනෙකුට පමණක් සීමා වූ දැඩි රහස්‍ය භාවයක් යටතේ තබන ලෙස ඉල්ලා සිටිය ද, ආරක්ෂක බුද්ධි අංශය (DIA) නීතිමය හේතූන් මත එය ප්‍රතික්ෂේප කර ඇත. එම කොන්ත්‍රාත්කරුගේ කටයුතු "සීමිත වටිනාකමකින් යුක්ත" බව ද ඔවුන් සඳහන් කර තිබිණි. 10. නෙවාඩා හි භූගත සුරක්ෂිතාගාරයක් ඉදිකිරීමේ සැලසුම් හඳුනා නොගත් යානාවලින් ලබාගන්නා "විදේශීය ද්‍රව්‍ය හෝ ජීව විද්‍යාත්මක පටක" ගබඩා කිරීම සඳහා 2009 මැයි මාසයේදී උතුරු ලාස් වේගාස් හි පොළොව යට වර්‍ග අඩි 5,000 ක කොන්ක්‍රීට් සුරක්ෂිතාගාරයක් ඉදිකිරීමට බිගලෝ සමාගම සැලසුම් සකස් කර තිබූ නමුත්, එවැන්නක් කිසිදා ඉදිකළ බවට වාර්‍තා නොමැති බව ද එම ලිපිගොනු පෙන්වා දෙයි.
99mobile