
වෛද්‍ය සැපයුම් දොයි කඩෙන් ගන්න වෙයි
FM Heart · 1 min read
වෛද්‍ය සැපයීම් අංශය විසින් නියමිත පරිදි වෛද්‍ය සැපයුම් රෝහල් වෙත නිකුත් නොකිරීම හේතුවෙන් ඉකුත් වර්‍ෂයේ දී (2025) රුපියල් මිලියන 1,411.49ක් වටිනා වෛද්‍ය සැපයීම් වර්‍ග 119ක් රෝහල් විසින් දේශීයව මිල දී ගෙන තිබූ බව ජාතික විගණන කාර්‍යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්‍තාවක් මගින් අනාවරණය වී ඇත. එමෙන්ම 2024/2025 යන වර්‍ෂවල දී Blood Glucose Strips මිලියන 2.5ක් ගබඩාවල කල් ඉකුත් වී තිබුණි. මේ හේතුවෙන් රුපියල් මිලියන 133.96ක් වටිනා ඒකක දහනම ලක්ෂ හැටඅට දහස් හාරසිය පහළොවක් (1,968,415) දේශීය වෙළෙඳපොළෙන් වැඩි මිලට මිලදී ගැනීමට සිදුවී තිබුණි. වෛද්‍ය සැපයීම් නිසි පරිදි නිකුත්කර කල් ඉකුත්වීම හා දේශීය මිලදී ගැනීම අවම කළ යුතු බව විගණනය මගින් නිර්‍දේශ කර ඇත. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර ඇත්තේ විගණන හා කළමනාකරණ කමිටු තීරණ අනුව අදාළ විගණන විමසුම් නව කරුණු යටතේ විමර්‍ශනය කිරීම සඳහා හදිසි වැටලීම් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වෙත යොමුකර ඇති බවය. ලලිත් චාමින්ද

