
SLT-MOBITEL 2026 ජාතික දැල්පන්දු ශූරතා තරගාවලි සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සමග අත්වැල් බැඳගනී
FM Heart · 2 min read
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සමග අත්වැල් බැඳගනිමින් මෙරට ප්‍රධානතම ජාතික දැල්පන්දු තරගාවලි දෙකකට අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ඒ අනුව, ඉදිරියේදී ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2026 ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය සහ ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහක ලෙස SLT-MOBITEL කටයුතු කරනු ඇත. මෙය ජාතික අභිමානය, සමාජයීය ප්‍රගතිය, සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ ක්‍රීඩා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා SLT-MOBITEL දක්වන අවධානය මැනැවින් පිළිබිඹු කරන පියවරකි. මෙරට දැල්පන්දු ක්‍රීඩාවේ ඉහළම තරගාවලිය ලෙස සැලකෙන මෙම වාර්ෂික ශූරතා තරගාවලිය සඳහා දිස්ත්‍රික් දැල්පන්දු සංගම් 25ම නියෝජනය කරමින් ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩිකාවෝ එක්වෙති. රටේ විශිෂ්ටතම දැල්පන්දු ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදෙන මෙම කීර්තිමත් තරගාවලිය බලගැන්වීමට දායක වීමට හැකිවීම පිළිබඳව SLT-MOBITEL බෙහෙවින් සතුටු වන අතර, මෙම හවුල්කාරිත්වය ඔස්සේ දැල්පන්දු ක්‍රීඩාවේ බිම් මට්ටමේ සංවර්ධනයට සහාය වීමටත්, නැඟී එන දක්ෂ ක්‍රීඩිකාවන් පෝෂණය කිරීමටත්, ශ්‍රී ලංකාව පුරා කාන්තා ක්‍රීඩාවල වර්ධනය වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් ලබාදීමටත් SLT-MOBITEL අඛණ්ඩව කැපවී සිටී. මෙම අනුග්‍රාහකත්වය, ශ්‍රී ලංකාව යළිත් වරක් ආසියානු කලාපයේ දැල්පන්දු ක්‍රීඩාවේ ප්රබලතම බලවේගයක් බවට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සකස් කර ඇති ක්‍රමෝපායික සැලසුමට සහය දැක්වීමක් ලෙසද හැඳින්විය හැක. මෙවැනි අනුග්‍රාහකත්වයෙන් ඔස්සේ ජාතික අභිමානය සහ තරුණ පරපුරේ සංවර්ධනය බලගන්වමින් ශ්‍රී ලංකාවේ අනාගත දැල්පන්දු තරු බිහිකිරීමට අත්වැලක් වීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.

