
මහින්දට අපහාස කරමින් මහවිරු වේදිකා නාට්‍යයක්... (Video)
FM Heart · 1 min read
ඊයේ (නොවැම්බර් 27) දිනට යෙදී තිබූ මහවිරු දිනයට සමගාමීව ප්‍රංශයේ පැවති සැමරුම් උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වේදිකා නාට්‍යයක් රඟ දක්වා ඇති අතර, ඊට අදාළ වීඩියෝ කොටස් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව වාර්‍තා වේ. ඊයේ සිකුරාදා සන්ධ්‍යාවේදී යාපනය, කිලිනොච්චි, මුලතිව්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක රැසක මෙන්ම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේද මහවිරු දින සැමරුම් උත්සව පවත්වා තිබුණි. සෑම වසරකම නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දිනය යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන අතර, දශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය 2009 වසරේ මැයි මාසයේදී අවසන් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය.

