FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඇමතිලා දහයක් නිල නිවාස අරන්...

FM Heart · 2 min read

The Heart Academy
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්‍ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාද නිල නිවාසවල රැඳී සිටින බවත්, සියලුම මන්ත්‍රීවරුන් මාදිවෙල නිල නිවාසවල පදිංචිව සිටින බවත් පෙන්වා දුන් ඒ මහතා, ආණ්ඩුව පොරොන්දු වූ පරිවර්‍තනය පළමුව ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය. කථානායකවරයාගේ කොට්ට මෙට්ට රැගෙන ගොස් සැඟවීමට හැකි නම් පාර්‍ලිමේන්තුව තුළ ඕනෑම අයෙකුට ඕනෑම අකටයුත්තක් සිදු කළ හැකි බවටද එහිදී චෝදනා කළ විජේසිරි මහතා, අතීතයේදී අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක සහ නලින්ද ජයතිස්ස යන මහත්වරුන් පාර්‍ලිමේන්තු කැන්ටිමේදී මලික් සමරවික්‍රම මහතා බත් හැන්දක් බෙදන තෙක් ආහාර ගැනීමට බලා සිටි යුගයක් තිබූ බවද සිහිපත් කළේය. රටේ ජනතාව සැමදා රැවටිය නොහැකි බවත්, මන්ත්‍රීවරුන් 159 දෙනා ජනතාවට සිදු කළේ බොරුවක් බව දැන් අවබෝධ වී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය. ගල්අඟුරු වංචාවට සම්බන්ධ බව කියන අමාත්‍යවරයාට සහ කන්ටේනර් 323ක් මුදාහැරි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවී ඔවුන් නීතියට ඉහළින් සිටින බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය. මහා භාණ්ඩාගාරය පිරී ඇති බව ප්‍රකාශ කළද ජනතාවට තුන් වේල ආහාර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද ඔහු සඳහන් කළේය. තවද, එක් නගරාධිපතිවරයෙකු තමන්ගේ බඩකට පුරවන ලෙස ප්‍රකාශ කිරීම අල්ලසක් නොවන්නේදැයි ප්‍රශ්න කළ චමින්ද විජේසිරි මහතා, වර්‍තමානයේ ජාතික ජන බලවේගයට එක් නීතියක්ද, විපක්ෂයට තවත් නීතියක්ද, ජනතාවට වෙනම නීතියක්ද වශයෙන් නීතිය ක්‍රියාත්මක වන බවට වැඩිදුරටත් චෝදනා කළේය.
99mobile