
රාජ්‍ය ආදායම තව නංවයි
FM Heart · 1 min read
සෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය 40:60 මට්ටමට රජයේ ආදායම දිගුකාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20ක පමණ මට්ටමක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇත. ඒ අතර මැදිකාලීනව රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 16.0 ක පමණ මට්ටමක පවත්වාගෙන යෑමට ද රජය අපේක්ෂා කරයි. එසේම රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා අඛණ්ඩ ප්රයත්නයන් ගැනීම සහ රාජ්‍ය වියදම් තාර්කීකරණය කිරීම තුළින් මධ්‍යකාලීනව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අවම වශයෙන් සියයට 23 ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යෑමට ද අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වර්තාවක දැක්වෙයි. බදු ක්රමයේ ප්‍රගතිශීලීභාවය සහ සාධාරණත්වය ඉහළ නැංවීම සඳහා මධ්‍යකාලීන හා දිගුකාලීනව සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය ක්‍රමානුකූලව 40:60 මට්ටමක් කරා ගෙන ඒමට ද නියමිතය. ශ්‍යාම් නුවන් ගනේවත්ත

