FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ගැහුණු-පිරිමි මිශ්‍ර ක්‍රිකට් තරගාවලියක්..

FM Heart · 2 min read

The Heart Academy
Cricket's Premier League - CPL ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී තරගාවලිය 2027 මාර්‍තු 22 සිට අප්‍රේල් 05 දක්වා අබුඩාබිහි සයීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව එම වාර්‍තාවේ දැක්වේ. පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකම කණ්ඩායමක එක්ව ක්‍රීඩා කරන මෙවැනි ආකාරයේ පළමු ෆ්‍රැන්චයිස් විස්සයි20 තරගාවලිය මෙය වේ. යාහූ ස්පෝර්‍ට්ස් වාර්‍තාවට අනුව, කණ්ඩායම් (ෆ්‍රැන්චයිස්) අටකින් සමන්විත මෙම තරගාවලියේ එක් සංචිතයකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට අවම වශයෙන් කාන්තා ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ඇතුළත් විය යුතුය. තරගයකදී ක්‍රීඩා කරන 11 දෙනා අතරට පිරිමි ක්‍රීඩකයන් 6 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 5 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට උපරිම වශයෙන් විදේශීය ක්‍රීඩකයන් 4 දෙනෙකු (පිරිමි 2 සහ කාන්තා 2) ඇතුළත් කළ හැකිය. එමෙන්ම පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සමාන වැටුප් ලබා දීමට සංවිධායකයන් තීරණය කර ඇති අතර, මේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කාණ්ඩ පහක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180 දෙනෙකු තෝරා ගැනීමට නියමිත බව එම වාර්‍තාවේ සඳහන් වේ. සාමාන්‍ය විස්සයි20 ක්‍රිකට් නීති රීති යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන නමුත්, සෑම කණ්ඩායමක්ම අවම වශයෙන් කාන්තා දඟපන්දු යවන්නියකගෙන් ඕවර දෙකක් සහ කාන්තා වේගපන්දු යවන්නියකගෙන් ඕවර දෙකක් යැවිය යුතු වීමත්, මුල් පිතිකරුවන් සිව්දෙනා අතර අවම වශයෙන් එක් කාන්තා පිතිකාරිනියක සිටිය යුතු වීමත් මෙහි විශේෂත්වයකි. 2025 අයි.පී.එල්. තරගාවලියෙන් පසු ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ උපදේශක ධුරයෙන් ඉවත් වූ සහීර් ඛාන් මෙම තරගාවලියට එක්වන ප්‍රධාන පෙළේ ක්‍රීඩකයෙකු වන අතර, ශ්‍රී ලංකාවෙන් තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද මේ සඳහා ගිවිසුම්ගත වී ඇති බව යාහූ ස්පෝර්‍ට්ස් වාර්‍තා කරයි.
99mobile