
රටක් මුලා කළ ගම්පහ ඔස්මන් කළුවර කාමරයෙන් රක්ෂිත බන්ධනාගාරයට!
FM Heart · 1 min read
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව සම්බන්ධ ඝාතන සිද්ධියකට ආධාර අනුබල දුන් බවට චෝදනා ලබමින් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් "ගම්පහ ඔස්මන්" නමැත්තා ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (09) නියෝග කළේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු දින 180කට ආසන්න කාලයක් තිස්සේ රඳවාගෙන දැඩි ලෙස ප්‍රශ්න කරනු ලැබීය. එම රැඳවුම් කාලය අවසන් වීමෙන් අනතුරුව, සැකකරු අද (09) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තේය. අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය ඉල්ලා සිටියේ, සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්‍ශන කටයුතු ක්‍රියාත්මක වන බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

