
බුදු රජානන් වහන්සේ මගේ තාත්තා.. මං පුතා.. තාත්ත ලගට නොයා පුතා වෙන කොහෙ යන්නද..- කස්සප හිමි
FM Heart · 2 min read
රාත්‍රී කාලයේදී කොට්ඨාස අපරාධ විමර්‍ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් කණ්ඩායමක් සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණ මෙම ප්‍රකාශය ලබාගත් අතර, එම අවස්ථාවට බලන්ගොඩ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටි බව වාර්‍තා වේ. පොලිසිය හමුවේ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බලන්ගොඩ කස්සප හිමියන් සඳහන් කළේ, මීට පෙර මෙම ස්ථානයේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවලදී ක්‍රියාකළ නිලධාරීන් පැමිණියේ නම් තමන් වහන්සේ කිසිසේත්ම ප්‍රකාශයක් ලබා නොදෙන බවයි. කෙසේ වෙතත්, පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉතා විනීත සහ ගෞරවනීය අයුරින් රාජකාරිය ඉටුකළ නිලධාරියෙකු වූ බැවින්, අදාළ සිදුවීම් මාලාව පිළිබඳව ඔහු හමුවේ පැහැදිලි කළ බවත්, එම කරුණු ඔහු විසින් සාධාරණ ලෙස අධිකරණය හමුවේ වාර්‍තා කරනු ඇතැයි තමන් වහන්සේ විශ්වාස කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. ප්‍රකාශය සටහන් කරගැනීමේ කටයුතු අවසන් වීමෙන් පසු, පැමිණි පොලිස් නිලධාරීන් පිරිස ඉදිරියේ සෙත් පිරිත් සජ්ඣායනා කළ බලන්ගොඩ කස්සප හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, එම නිලධාරීන්ගේ සුරක්ෂිතභාවය පතා අත්වල පිරිත් නූල් බැඳ ආශීර්‍වාද කිරීමට පියවර ගත්හ. බුද්ධ ශාසනයට හෝ සම්බුදු සසුනේ චිරස්ථිතියට හානිකර වන කිසිදු අත්තනෝමතික තීන්දුවක් තමන් වහන්සේලා කිසිසේත් පිළිනොගන්නා බව මෙහිදී යළිත් අවධාරණය කළ කස්සප හිමියෝ, බෞද්ධ නීතිය මෙරට ප්‍රමුඛ නීතිය බවට පත්වන තුරු මෙම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද වැඩිදුරටත් කියා සිටියහ. තම පියා බුදුන් වහන්සේ බවත් තමන් පුතා බවත් පියා ළගට පුතා යන්නේ නැතිව වෙන කොහේ යන්නදැයි උන් වහන්සේ එහිදී ප්‍රශ්ණ කලහ.

