FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වැලිකඩ – මැගසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල සරම්ප පැතිරෙයි

FM Heart · 2 min read

The Heart Academy
ඊයේ රැදවියන් උසාවි ගෙනගිහින් නෑ නඩුවලට ස්කයිප් ඔස්සේ යොමු කෙරෙති වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඞ් යන බන්ධනාගාරවල සරම්ප රෝගය පැතිර යන බවට වාර්‍තාවීම නිසා ඒවායේ රැදවියන් ඊයේ (09දා) අධිකරණවලට ඉදිරිපත් නොකිරීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර පාලන අධිකාරිය විසින් රැදවියන් ඉදිරිපත් කළ යුතු අධිකරණ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (11දා) සිට අධිකරණවලට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා පැවසීය. බන්ධනාගාර තුනේම රැදවියන් පිරිසක් රෝගී තත්ත්වයෙන් පෙළීම දක්නට ලැබීම නිසා ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී රැදවියන් සිව්දෙනකුට සරම්ප රෝගය වැල`දී ඇති බවට තහවුරු වී ඇතැයි ද ඒ මහතා කීය. මෙම බන්ධනාගාරවල රැදවියන් කොළඹ, ගල්කිස්ස, මොරටුව, හොරණ ඇතුළු බන්ධනාගාර කිහිපයකට රැගෙන යන බව කී ඒ මහතා බොහෝ රදවියන් අධිකරණවලට රැගෙන නොගොස් ‘‘ස්කයිෆ් තාක්‍ෂණය’’ ඔස්සේ නඩු කටයුතුවලට ඉදිරිපත් කරන බව පැවසීය. රැදවියන් අධිකරණවලට රැගෙන නොගියත් ඔවුන්ට නඩු ස`දහා බන්ධනාගාරයේ සිට ස්කයිෆ් තාක්‍ෂණයෙන් ඉදිරිපත් වීමට අවස්ථාව සලසා දුන් බවද ඒ මහතා කීය. බන්ධනාගාර නිලධාරීන් මෙන්ම රැදවියන් ද එන්නත් කිරීමට පියවරගෙන ඇති බවත් ඊයේ වනවිට 900කට පමණ සරම්ප ප්‍රතිජීවක එන්නත් කිරීමට කටයුතු කළ බවත් තවත් පිරිසක් එන්නත් කරමින් සිටින බවත් ඒ මහතා කීය. කෙසේ වෙතත් රැදවියන් අධිකරණවලට ඉදිරිපත් නොකිරීම නිසා කොළඹ ඇතුළු අධිකරණ කිහිපයක අධිකරණ සිරමැදිරි පාළු ස්වභාවයක් ගෙන තිබූ බවට ද වාර්‍තා විය.
99mobile