
මස් වර්ග අත්අඩංගුවට ගැනීමෙන් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ්‍රී මහ බෝධියේ හිටපු ප්‍රධාන කපු මහතා මානව හිමිකම් යයි
FM Heart · 3 min read
මෙහෙයුම කළ වනජීවී නිලධාරීන්ට සිතාසි තම නිවස පරීක්ෂා කර නිවසේ ශීතකරණය තුළ තිබූ ගෝන මස් කබල්ලා මස් මී මින්නා මස් ඉබි මස් සහ ඉබි බිත්තර 14 ක් සහ ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළවලින් සකසන ලද අත් පළ`දනාවක් අත්අඩංගුවට ගැනීම තුළින් වනජීවි නිලධාරීන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පවසමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර තමාට යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලා අනුරාධුපර ජය ශ්‍රී මහ බෝධියේ හිටපු ප්‍රධාන කපු මහතා ඉදිරිපත් කර ඇති පැමිණිල්ල විභාග කිරීම සදහා එළැඹෙන 16 දින මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙසට නියම කරමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වනජීවි දෙපර්තෙමින්තුවේ අනුරාධපුර සහකාර වනජීවි අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් හත් දෙනෙකුට සිතාසි නිකුත් කොට තිබේ. අනුරාධපර ජය ශ්‍රි මහ බෝධියේ හිටපු ප්‍රධාන කපුවා ලෙස කටයුතු කරන අනුරාධපුර විහාරපාලූගම විහාර කල්ලංචිය ලිපිනයේ බී. ජයවර්ධන මහතා ස්වකීය පැමිණිල්ල මගින් ශ්ර්රී ලංකා මානව හිමිකම් කොම්සන් සභාවට දැනුම් දී’ ඇත්තේ 2025. 11. 18 දින ගිනි අවි අතැතිව නිල ඇ දුමින් සහ සිවිල් ඇ දුුමින් සැරසී පැමිණි වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සිය නිවස පරීක්ෂා කළ බවත් එහිදී අධිකරණ නියෝගයක් ඇත්දැයි විමසු විට එවැනි දෙයක් අවශ්‍ය නොවන බව පැවසූ වනජීවි නිලධාරීන් එම පරීක්ෂාවේදී නිවසේ පොකුණේ සහ බැරල් එකක සිටි ඉබ්බන් සහ නිවසේ ශීතකරණයේ තිබු මස් වර්ග කිහිපයක් අත්අඩංගුවට ගත් බවත් පවසා ඇති ප්‍රධාන කපු මහතා ශීතකරණය තුළ වන සතුන්ගේ මස් වර්ග තබාගෙන සිටියේ පූජාවකට බවද ප්‍රකාශ කොට තිෙබි. අනතුරුව නිවසේ තිබූ සේප්පුවද තමන් ලවා විවෘත කර ගත් වනජීවී නිලධාරීන් ඒ තුළ තිබූ මුදල් ඔවුන් බාරයට ගෙන එම ‘මුදල් කොහෙන්ද…’? යන්න තමාගෙන් විමසා සිටි බවත් කියා සිටින ප්‍රධාන කපු මහතා එම මුදල් තම ප්‍රධාන කපු තනතුරට අදාළ මල් කඩයෙන් ලැබනු මුදල් සහ වාහනේ පොත තියලා දුව රට යවන්න තබා ගෙන සිටි ඒවා බව තමන් වනජීවී නිලධාරීන්ට පැවසූ බවද සදහන් කර තිබේ. මෙම සිද්ධිදාමය නිසා තමා සේවය කරන උතුම් ස්ථානයේ නමටද තමාගේ තනතුරටද විහාරගම්වලටද කැළලක් මෙන්ම අපකීර්තියක් ගෙනදී ඇති බවද මානව හිමිකම් කොමිසන් සභාවට දැනුම් දී ඇති ප්‍රධාන කපු මහතා මෙම තත්වයන් ඇති වීමට බලපෑවේ වනජීවී නිලධාරීන් ක්‍රියා කලාපය බවද අවධාරණය කොට තිබේ. මේ තුළින් තමාට සහ තම පවුලේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් කඩවී ඇති බවද මානව හිමිකම් කොමිෂන් සභාවට පෙන්වා දී ඇති ප්‍රධාන කපු මහතා මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනක් සිදු කරන ලෙසද ඉල්ලා තිබේ. වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සම`ග පෙත්සම්කාර ප්‍රධාන කපු මහතාගේ නිවසට ගොස් මෙම වැටලීමට අණ දෙමින් වැටලීම මෙහෙයවූ ප්‍රධාන නිලධාරියා වන රිටිගල වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ඞී. රාමසිංහ මහතා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර නොතිබීම විශේෂත්වයකි. අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද

