FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ආණ්ඩුව ජාතික ආරක්ෂාව හා සංවිධානාත්මක අපරාධ පෙරටු කරගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරන්න සූදානම් වෙනවා

FM Heart · 3 min read

The Heart Academy
විපක්ෂ නායක සජිත් පේ්‍රමදාස කළුතරදී කියයි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සේම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමටද ශක්තිමත් පනතක් අවශ්‍ය නමුත් මේ රජය මෙවැනි මාතෘකා පෙරටු කරගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරන්න සූදානම් බව විපක්ෂ නායක සජිත් පේ්‍රමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් පේ්‍රමදාස මහතා මේ බව කියා සිටියේ කළුතර දිස්ත්‍රික්කයේ කරම්පැතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ මහා කච්චායන චෛත්‍ය රාජායාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ තීන්ත ආලේප කිරීම සඳහා තීන්ත ලබා දීමේ උත්සවය අමතමිනි. විපක්ෂ නායක සජිත් පේ්‍රමදාස මහතාගේ මෑණියන් වන හේමා පේ්‍රමදාස මහත්මියගේ ජන්ම දිනය සිහිපත් කරමින් ඇයට දිඝාසිරි පතමින් මේ පිංකම සිදු කරන ලදී. අධිකරණය සතු බලතල පහත හෙළා විධායකය සතු බලතල වැඩි කර රටේ විධායකයට ත්‍රස්තවාදියා කවුද කියා නිර්‍වචනය කිරීමේ බලය ලබාදෙන බවත් පවතින විධායකය සමඟ විරුද්ධ මත ඇති කණ්ඩායම් ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්න නිදහස විධායකයට ලබා දී දේශපාලන තර්‍ජන, දේශපාලන පළිගැසීම්, දේශපාලන දඩයම් කරන කුරිරු නීති පද්ධතියක් ගෙන එන්න රජය කටයුතු කරන බවත් රජය මෙය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මැතිවරණ පොරොන්දු පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා බවත් බොරු කීමෙන් ලෝක වාර්‍තා තැබූ රජයට ජනතා බලාපොරොත්තු ඉටු නොකිරීම නිසා ජනතාව තුළ ඇති වූ කළකිරීමට ජනතා නැගිටීම් පාලනය කිරීමට මේ මර්‍දන පනත් ගෙනවිත් බොරු කියන අය ආරක්ෂා කරන පනත් ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය වුවත් වත්මන් රජයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මේ උත්තරීතර නීතිය අමතක වී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවා අමතක වී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ෙඡ්දයේ 9 වැනි ව්‍යවස්ථාවට අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම බුද්ධශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම සේම සෙසු ආගම් සංස්කෘතීන් හා ජාතීන් රැුකගැනීමද වගකීම හා යුතුකම වන බවත් මේ වැඩපිළිවෙළ නිවැරදිව ක්‍රියාත්මක කළේ රණසිංහ පේ්‍රමදාස ජනාධිපතිවරයා බවත් එතුමා බුදුදහමට මුල්තැන් ලබා දී බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශයක් පවා ස්ථාපිත කරමින් සෙසු ආගම් ජාති වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කළ බවත් වර්‍තමානයේ ඒ වැඩපිළිවෙළ විනාශ කර ඇති මුත් නැවත වරක් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවැයා කීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්බුද්ධ ශාසනය රැුකගැනීම පෝෂණය කිරීම හා ප්‍රවර්‍ධනය කිරීම යනුවෙන් සඳහන් වන්නේ බුදුදහමට ලබා දිය යුතු ගරුත්වය ලබා දීම සේම සෙසු ආගම්වලටත් නිසි ගරුත්වය ලබා දීම බවත් කිසිසේත්ම ගිහියෙකුට සිවුරකට අත තියන්න නොහැකි බවත් සිවුර පැළැන්දවීම සහ ඉවත් කිරීම මහනායක ස්වාමීන් වහන්සේලා සංඝසභාවල කටයුත්තක් බවත් කුමන චක්‍රලේඛ තිබුණත් කවුරු බලවත් වුවත් විධායක ජනාධිපතිවරයාට පවා ඒ අයිතිය නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. චක්‍රලේඛ නීතිරිති රෙගුලාසි විශාල ප්‍රමාණයක් මෑත කාලයේ යාවත්කාලීන වී නොමැති බවත් මේ සෑම රෙගුලාසියක්ම නීතියක් රීතියක්ම තිබිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව බවත් කුමන නීතිරීති රෙගුලාසි තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ආගමික නායකයන්ට ලබාදෙන සැලකිල්ලේදී සංවේදී විය යුතු වුවත් වත්මන් රජයට මේ සංවේදීභාවය අමතක වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එදා රණසිංහ පේ්‍රමදාස මහතා ඇති කළ ඇ`ගලූ‍ම් කම්හල් 200 වැඩසටහන ගෙන ආ අවස්ථාවේ මේ කර්‍මාන්තශාලා පුච්චන්න උත්සාහ කළ අය අද බලයට පැමිණ මේ කර්‍මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික පහසුකම්වත් සපයා දිය නොහැකි වී ඇති බවත් මේ නිසා මේ කර්‍මාන්තශාලා රට අතහැර යන තැනට පත්ව ඇති බවත් මේ තත්ත්වය නිසා 2028 සිට ණය ගෙවන්නේ කෙසේද කියා ගැටලූ‍වක් ඇති බවත් මේ ණය ගෙවන්න නම් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
99mobile