FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රුපියල් බිලියන 190ක් නීති විරෝධීව රට පැන්නුවාට සැක බැංකු නිලධාරීහු 2ක් යළි රිමාන්ඞ්

FM Heart · 1 min read

The Heart Academy
මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් බිලියන 190 ක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්‍ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් දෙදෙනා ලබන 19 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (09දා) නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. සැකකරුවන් දෙදෙනා ඊයේ බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර, ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දැක්වූහ. මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ භෘඊ බැංකුවේ සහ රක්ෂණ සමාගමකට අනුයුක්තව සේවයේ නියුතු කුෂාන් පුෂ්ප කුමාර දේවදාස සහ ෘත්‍ක්‍ක්‍ බැංකුවේ සේවයේ නියුතු රගුනාදන් ප්‍රදීපන් යන දෙදෙනායි. මෙම සිද්ධියට අදාළව ජිෆ්‍රි මොහොමඞ් ඇතුළු සැකකරුවන් දෙදෙනකු ලබන 12 වැනිදා දක්වා දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එමෙන්ම මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ බැංකු හතරක ප්‍රධානීන් පිරිසක් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත. ඒ. ජේ. ඒ. අබේනායක
99mobile