
දීපාවලී උත්සවයේදි බහින් බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් මරුට...
FM Heart · 1 min read
මෙසේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත්තේ නල්ලතන්නිය මරේ වතුයායේ ගඩස් කොටසේ පදිංචි ජයකුමාර් සෙල්වකුමාර් නැමති 27 හැවිරිදි අයෙකි. සැකකරු සහ මරණකරු එකම වතුයායේ නිවාස දෙකක පදිංචිකරුවන් බවත් , (08) දින රාත්‍රී 8:00ට පමණ දීපාවලී උත්සවය නිමිත්තෙන් දෙදෙනාම බීමත්ව සිටියදී දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යැමෙන් පසු සැකකරු මරණකරුගේ නිවසට ගොස් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරිමෙන් පසු තුවාලකරු මස්කෙළිය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ මිය ගොස් ඇති බවයි එම නිළධාරියා කියා සිටියේ. ඝතනයට සම්බන්ධ 29 හැවිදිරිදි සැකකරු නල්ලතන්නි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන නල්ලතන්නි පොලිසිය පවසයි. සිරුර පස්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

