FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සංවර්‍ධන නිලධාරීන් ලෙඩ වීමෙන් රාජ්‍ය ආයතන රැසක වැඩ කොට උඩ!

FM Heart · 2 min read

The Heart Academy
ඉල්ලීම් නොදුන්නොත් සටන දැඩි කරනවා – සංගමය කියයි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්‍ධන නිලධාරීන් ඊයේ (09දා) ක්‍රියාත්මක කළ ලෙඩ නිවාඩු වාර්‍තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්‍ගය නිසා සේවාවන් ලබාගැනීමට රාජ්‍ය ආයතන රැුසකට පැමිණි මහජනතාව අපහසුතාවයට පත්වූ බවට වාර්‍තා වේ. අමාත්‍යාංශ, දෙපාර්‍තමේන්තු, පළාත් සභා, ඉඩම්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ඇතුළු රාජ්‍ය ආයතන රැසක මෙම වෘත්තීය ක්‍රියාමාර්‍ගය ක්‍රියාත්මක කළ බව සමස්ත ලංකා සංවර්‍ධන නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා පැවසීය. නිසි දීමනාවක් හෝ නිසි වැටුපක් නොමැතිවීම ඇතුළු ගැටලූ කිහිපයකට විසඳුම් ඉල්ලා සිය සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්‍ගයේ නිරතවූ බවත් තවදුරටත් තම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් මීට වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්‍ගයක නිරතවන බවත් ඒ මහතා කීය. සංවර්‍ධන නිලධාරීන් 150,000 ක් පමණ සහ තවත් 1800 ක් පමණ පිරිසක් රාජ්‍ය සහ අර්‍ධරාජ්‍ය කාර්‍යාලවල සේවය කරන බව කී ඒ මහතා ඇතැම් නිලධාරීන්ට ලබාදෙන රුපියල් 300 ක දීමනාවෙන් ඉන්ධන ලීටරයක් හෝ ලබාගත නොහැකි බව ද කීය. සංවර්‍ධන නිලධාරි සේවා සංගමයේ ලේකම් පාර්‍ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා කියා සිටියේ, සුන්බුන් විපක්ෂය ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම සඳහා කටයුතු කරන බවය. මේ වනවිට සංවර්‍ධන නිලධාරීන් වෙනුවෙන් සියයට 60 කින් වැටුප් වැඩි කිරීම, 2016 අහිමිව තිබූ විශ්‍රාම වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් පාරට නොබැස ලබාදීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවද හෙතෙම කීය. ඉතිරි ප්‍රශ්න විසඳීම සඳහා වැටුප් කොමිසමක් ස්ථාපිත කර සාකච්ඡුා කරමින් සිටින විට මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්‍ගවල නිරතවීම අසාධාරණ බව පැවසූ ඒ මහතා මේ වනවිට සංවර්‍ධන නිලධාරීන් ලෙස සිටින්නේ 80,000 පමණ පිරිසක් බවද කියා සිටියේය. චමින්ද සිල්වා
99mobile