
මහ වැස්සට පාලම ගැලවී යයි...
FM Heart · 1 min read
දිට්වා සුළි කුණාටුවෙන් මෙම පාලමෙහි සුළු පිපිරීමක් පමණක් තිබූ බවත්, ඒ සඳහා පිළියම් ලබා දෙනලෙස අදාළ බලධාරීන්ට දැන්වත් කිසිදු ආකාරයෙන් ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු නොකළ නිසා පසුගිය දින දෙකෙහි ඇති වූ වර්ෂාව සමග මෙසේ පාලම කඩා වැටුණු බවට ගම්වාසීන් චෝදනා කර සිටියි. මහකුඹුර ගම්මානයේ පවුල් 600කට ආසන්න පිරිසක් ජීවත් වන බවත්, එම ගම්මානයට පිවිසීමට තිබූ එකම ප්‍රධාන මාර්ගය මෙය වන බවත්, මෙම පාලමින් පාගමනින් පැමින ජයසුන්දර මාර්ගයට පැමිණ ත්‍රීරෝද රථ මගින් නාවලපිටිය නගරයේ දක්වා තමන් ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත් බව ගම්වාසීන් ප්‍රකාශ කර සිටියි. මුල් අවස්ථාවේම මෙම පාලමෙහි පැවති අලුත්වැඩියාවක් සිදුනොකොට මෙසේ සම්පූර්ණයෙන් විනාශ වන තෙක් සිටීම නිසා නැවත මෙය සංවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් වැයවීම ජාතික අපරාධයක් බවයි ගම්වාසීන් කියා සිටින්නේ. මැතිවරණ වලදී තම ඡන්දය ලබා ගැනීම සඳහා පොරොන්දු ලබා දෙන කිසිවෙකුත් මේ වනතුරු මෙම පාලම පිළිබඳ අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක් බවත් ජනාධිපතිතුමන් මෙයට මැදිහත් වී තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නගරයට යෑමට ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස මහකුඹුර ගම්වාසින් ඉල්ලා සිටි.

