FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පළාත් 6 කට මි. මී. 100 ට අධික වැසි

FM Heart · 2 min read

The Heart Academy
හැටන් කුඩාගම පස් කන්දක් කඩාවැටී ගමනාගමනය ඇනහිටී… බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශය සහ අරාබි මුහුදට ධීවර හා නාවික කටයුතු සඳහා යෑමට නියමිත පිරිස් කාලගුණ විiා දෙපාර්‍තමේන්තුව නිකුත් කරන නිවේදන සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස එම දෙපාර්‍තමේන්තුව ඉල්ලා සිටී. එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (11දා) පමණ වන විට කැලඹිලි තත්ත්වයක් වර්‍ධනය විය හැකි බවත් 13 වැනිදා වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්‍ධනය වී 15 වැනිදා වනවිට පීඩන අවපාතයක් දක්වා වර්‍ධනය වීමේ සම්භාවිතාවක් ඇති නිසා මෙම ඉල්ලීම සිදුකරන බවත් එම දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය. බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 10 සඳහා විමසිලිමත් සහ අවදානම් නායයෑම් නිවේදන නිකුත් කර තිබිණි. ඊයේ (09දා) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 12 ක කාලය තුළ මුලතිව් වැලිඔය මිලිමීටර් 142 ක්, කළුතර ඉංගිරිය මිලිමීටර් 120.4 ක්, කළුතර බුලත්සිංහල මිලිමීටර් 111.6 ක් වැඩි වශයෙන් වර්‍ෂාපතනය වාර්‍තා වී ඇත. හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්‍ගයේ කුඩාගම ප්‍රදේශයෙන් ඊයේ (09ද) පස්වරු 5.00ට පමණ මාර්‍ගයට පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්‍ගයේ ගමනාගමනය සම්පූර්‍ණයෙන් ම ඇනහිට තිබුණි. පස්කන්ද කඩා වැටීමත් සමග ඒ අසලින් ගමන් ගත් ත්‍රිරෝද රථයක් ද පස් කන්දට යට වී ඇති අතර, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත. මේ අතර, හැටන් ඔය පිටාර ගැලීමෙන් හැටන් රොතැස් ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී ඇත. චමින්ද සිල්වා සහ නාලක රත්නායක
99mobile