FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය අහෝසි කරයි - භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීමටත් පියවර!

FM Heart · 1 min read

The Heart Academy
පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා හැරීමටත්, එම නිකාය යටතේ ලියාපදිංචි කර ඇති සාමණේර සහ උපසම්පදා භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීමටත් පියවර ගෙන ඇති බව වාර්‍තා වේ. මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී ඇති බවද වාර්‍තා වේ. සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්‍ම සහ අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් උන්වහන්සේගේ නිකායික සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව මීට පෙර තීරණය කර තිබුණි. නිකායේ විනය කමිටුව සහ කාරක සංඝ සභාව එක්ව සිදුකළ විනය පරීක්ෂණයකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
99mobile