
ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට
FM Heart · 3 min read
ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට ඇදහැළෙන වැසි හමුවේ ගිං සහ නිල්වලා ගංගාවල ජලමට්ටම් සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ඇති බව වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තව පවසනවා. ඒ අනුව මේ වනවිටත් ගිං ගඟේ ඇතැම් පහත් බිම් යටවී ඇති බව ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවා. ” ගිං ගඟ සහ නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශයේ දෙනියාය ප්‍රදේශයට ආසන්න ප්‍රදේශවලත්, ඒ වගේම ගින්ගඟ පහළ ප්‍රදේශ තවලම සහ බද්දෙගමට ආසන්නව තිබෙන ඉතිරි ප්‍රදේශවලත් මිලිමීටර 100ත් 150ත් අතර වර්‍ෂාපතනයන් ස්ථාන කිහිපයකම දකින්නට තියෙනවා . මේ තත්ත්වය යටතේ ගිං ගඟ සහ නිල්වලා ගඟ ජල මට්ටම් සැලකිය යුතු ඉහළ යාමක් දකින්නට තියෙනවා . විශේෂයෙන්ම නිල්වලා ගඟ අකුරැස්ස සහ ඉන් පහළ ප්‍රදේශ සුළු ගංවතුර මට්ටමට ආසන්න මට්ටමකට පැමිණ තිබෙනවා . එහෙත් කෙසේ නමුත් තවදුරටත් විශාල වැඩිවීමක් දකින්නට නැහැ . ඒ වගේම ගිං ගඟ තවලම ප්‍රදේශය සහ බද්දෙගම ආසන්නයේ ප්‍රදේශ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්‍ධනය වෙලා තියෙනවා . විශේෂයෙන්ම නාගොඩ සහ බද්දෙගම, වැලිවිටිය-දිවිතුර වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් බොහෝදුරට යටවීමේ හැකියාව තියෙනවා . ඒ වගේම තවමත් බද්දෙගම ජල මට්ටම සාමාන්‍ය වැඩිවීමක් දකින්නට තියෙනවා . කෙසේ නමුත් එය විශාල වැඩිවීමක් නිරීක්ෂණය වෙන්නේ නැහැ . මේ වන විට බද්දෙගම ජල මට්ටම් සුළු ගංවතුර තත්ත්වයකට පැමිණ තිබෙනවා .” “කළුගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ආශ්‍රිතව මිල්ලකන්ද සුළු ගංවතුර තත්ත්වයකට බොහෝදුරට ආසන්න මට්ටමේ තියෙන්නේ . ඒ නිසා ඒ ප්‍රදේශයේ විශේෂයෙන්ම බුලත්සිංහල, පාලින්දනුවර වැනි ප්‍රදේශවල පහත් බිම් මේ වන විටත් යටවීමේ හැකියාව තියෙනවා . නමුත් විශාල වැඩිවීමක් දකින්නට නැහැ . සුළු වැඩිවීමක් තවමත් පවතිනවා . කැලණි ගඟේ ජල මට්ටම් එතරම් සීඝ්‍ර වැඩිවීමක් දකින්නට නැහැ . නමුත් ඉහළ අගයකට පැමිණ තිබෙනවා . තවදුරටත් විශාල වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ . අත්තනගලු ඔයේ ජල මට්ටම, විශේෂයෙන්ම දූනමලයේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්‍ධනය වෙලා තියෙනවා ඊයේ දිනයේ ලැබුණු වර්‍ෂාපතනයන් එක්ක . කෙසේ නමුත් තවදුරටත් විශාල වැඩිවීමක් දකින්නට නොතිබුණත්, ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගම්පහ නගරය සහ ඒ ආසන්නයේ පහත් බිම් සහ ඉන් පහළ ප්‍රදේශවල පහත් බිම් යටවීමේ හැකියාව තියෙනවා මේ තත්ත්වය යටතේ . අනෙකුත් ගංගාවල ජල මට්ටම් තවමත් සාමාන්‍ය අගයක පවතින්නේ . කිසියම් වැඩි මට්ටමක පැවතියත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්‍ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ . විශේෂයෙන්ම මහඔය, ඒ වගේම මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශවලත් ඊයේ දිනයේ ලැබුණු වර්‍ෂාපතනයත් සමඟ ක්ෂණිකව ජල මට්ටම් වැඩිවීමක් දකින්නට තිබුණත් මේ වන විට අඩුවෙමින් පවතිනවා, විශේෂයෙන්ම පේරාදෙණිය සහ නාවලපිටිය වැනි ප්‍රදේශවල .” .

