
සෞදියේ ප්‍රධානතම තෙල් නළ මාර්‍ගයකට යළි ප්‍රහාරයක් – මෙඩිනා කලාපයේ ගිනිගැනීමක්
FM Heart · 1 min read
සෞදි අරාබියේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ යා කෙරෙන ප්‍රධානතම බොරතෙල් නළ මාර්‍ගය ඉලක්ක කරගනිමින් නැවතත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව සෞදි බලධාරීන් පවසනවා. සෞදි බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙකු උපුටා දක්වමින් එරට රාජ්‍ය පුවත් සේවය වාර්‍තා කළේ, මෙඩිනා කලාපය හරහා වැටී ඇති නළ මාර්‍ගයේ කොටසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරය හේතුවෙන් සුළු ගිනිගැනීමක් හටගෙන ඇති අතර, එය වහාම පාලනය කිරීමට ගිනි නිවීමේ හමුදාව සමත්ව තිබෙනවා. සිද්ධියෙන් කිසිදු පුද්ගල හානියක් හෝ තුවාල ලැබීමක් වාර්‍තා වී නොමැති අතර, නළ මාර්‍ගයේ බොරතෙල් ප්‍රවාහන කටයුතුවලටද එයින් කිසිදු බාධාවක් සිදුවී නොමැති බවයි සෞදි රාජ්‍ය පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේ. මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් හෙළි කර නොමැති වුවද, සෞදි අරාබිය ප්‍රමුඛ යේමන රාජ්‍ය හමුදා සහ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් අතර ගැටුම් මේ වන විට දැඩි වී තිබෙනවා. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන නෞකා ගමනාගමනයට බාධා එල්ල වී ඇති පසුබිමක, සෞදි අරාබිය දිනකට බොරතෙල් බැරල් මිලියන 4ක් පමණ යාන්බු වරාය වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ කිලෝමීටර් 1,200ක් දිගැති මෙම ප්‍රධාන නළ මාර්‍ගය හරහායි. .

