FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

”ඉරානයට එරෙහිව යුද්ධය අවසන්” ට්‍රම්ප්ගෙන් නිල නිවේදනයක්

FM Heart · 2 min read

The Heart Academy
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකළ යුද්ධය හමුදාමය වශයෙන් අවසන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. වොෂින්ටන් නුවරදී කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්‍රහ්මාන් බින් ජාසිම් අල් තානි හමුවීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදීයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. ඇමෙරිකාව විසින් ඉරානයේ හමුදා බලය සම්පූර්‍ණයෙන්ම විනාශ කර ඇති බවත්, මැදපෙරදිග කලාපයේ මිත්‍ර රටවල ඉල්ලීම මත දැනට පවතින තත්ත්වය ඒ අයුරින්ම පවත්වාගෙන යන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී කියා සිටියා. කෙසේ වෙතත්, ඉරාන වරායන්ට එරෙහිව පනවා ඇති නාවික බාධකය සහ ඉරානයේ ගොඩබිම් හා කැස්පියන් මුහුද හරහා සිදුවන වෙළඳාම නතර කිරීමට අලුතින් පිහිටුවන ලද ‘ටාස්ක් ෆෝස් අයන් ගේට්’ (Task Force Iron Gate) මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඉරාන බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි සටහනක් තබමින් පවසා ඇත්තේ, මනඃකල්පිත සාකච්ඡා පිළිබඳ “අසත්‍ය පුවත්” (Fake News) පැතිරවීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන්වත් නතර කළ යුතු බවයි. ඉරානය සාකච්ඡා සඳහා සූදානම් වුවද කිසිදු බලපෑමකට හෝ තර්‍ජනයකට යටත් නොවන බව මේ පිළිබඳ අදහස් දක්වමින් ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් කියා සිටියා. සාකච්ඡා සඳහා ඉරානය විසින් කොන්දේසි 7ක් පනවා ඇති බවයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්‍තා කර තිබෙන්නේ. ඇමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම, අත්හිටුවා ඇති ඉරාන අරමුදල් නිදහස් කිරීම සහ හොර්‍මුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික මාර්‍ගයක් පිළිගැනීම මෙම කොන්දේසි අතර වනවා. අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව මෙවර යුද්ධය ආරම්භ කළේ ඉකුත් පෙබරවාරි 28 වැනිදායි. මෙම යුද්ධය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාමට සහ තෙල් ප්‍රවාහනයටද ප්‍රබල බලපෑම් සිදු වුණා. .
99mobile