
ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
FM Heart · 1 min read
අයි සී සී කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රි ලංකා නැගී එන කාන්තා කණ්ඩායම අද මව්බිමෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වන්නේ හර්‍ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන්. තරගාවලිය අනිද්දා සිට ලබන 25 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අනිද්දා අයර්‍ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. .

