FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස පහළට

FM Heart · 2 min read

The Heart Academy
ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මස මුලදී ද ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩි කෙරුණත් ​ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙනවා. ඉරානයට එරෙහි යුද්ධය හමුදාමය වශයෙන් අවසන් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ අද දිනයද ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස අඩු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. නිල ගනුදෙනු අවසන් වන විට ​බ්‍රෙන්ට් (Brent) වර්‍ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 5.75කින්, එනම් සියයට 5.85කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව නිල ගනුදෙනු අවසානයේ බ්‍රෙන්ට් (Brent) වර්‍ගයේ බොරතෙල් බැරලයක මිල දැන් සඳහන් වී ඇත්තේ ඩොලර් 92.57ක් ලෙසයි. නිල වෙළඳපොළ වසා දැමීමෙන් පසුවද මිල තවදුරටත් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්‍තා කර තිබෙනවා. එක් අවස්ථාවකදී එය ඩොලර් 7කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත බැස තිබුණේ ඉකුත් අගෝස්තු අග භාගයෙන් පසුව වාර්‍තා වූ අඩුම මට්ටම අගය ද වාර්‍තා කරමින්. මීට පෙර ඉකුත් සතියේදී ද බ්‍රෙන්ට් බොරතෙල් මිල සියයට 16කින් පහත වැටුණු අතර, එය කොවිඩ්-19 වසංගත සමයෙන් පසුව වාර්‍තා වූ විශාලතම සතිපතා මිල පහත වැටීමයි. ​ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්‍ගයේ බොරතෙල් බැරලයක මිලද ඩොලර් 3.98කින්, එනම් සියයට 4.38කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්‍ගයේ බොරතෙල් බැරලයක මිල දැන් සඳහන් වන්නේ ඩොලර් 86.85ක් ලෙසයි. ​ඉරානයට එරෙහි යුද්ධය හමුදාමය වශයෙන් අවසන් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමග මෙම මිල ගනන් ද තවදුරටත් අඩු වනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් අනාවැකි පල කරනවා. ​කෙසේ වෙතත්, හොර්‍මුස් සමුද්‍ර සන්ධිය අසල නාවික කටයුතුවලට ඇති අවදානම තවදුරටත් පවතින බවයි ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. යේමනයේ හුතී සටන්කාමීන් සහ සවුදි අරාබිය අතර නැවත ඇවිලි තිබෙන යුද ගැටුම් ඊට හේතු වී තිබෙනවා. සවුදි අරාබියේ නැගෙනහිර-බටහිර තෙල් නල මාර්‍ගයට ද ප්‍රහාර එල්ල වූ අතර ඒ සමග මදීනා ප්‍රදේශයේ විශාල ගින්නක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කලේ. කෙසේ වෙතත් මේ වන විට එම ගින්න නිවාදමා තිබෙන තිබෙනවා. ප්‍රහාරයෙන් හෝ ගින්නෙන් නල මාර්‍ග මෙහෙයුම්වලට බලපෑමක් වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්‍තාවල සඳහන්. මීට අමතරව, රියාද් හි සවුදි අරාම්කෝ (Saudi Aramco) තෙල් සමාගමේ කාර්‍යාලයට ද මීට පෙර ප්‍රහාරයක් එල්ල වූනා. ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉරානයේ සහාය ලබන යේමනයේ හුතී සටන්කාමීන් පැවසුවේ එම ප්‍රහාරය ඔවුන් විසින් මෙහෙය වූ බවයි. .
99mobile