FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ට්‍රම්ප්ට දෝෂාභියෝගයක්!

FM Heart · 2 min read

The Heart Academy
ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කරමින් කොංග්‍රසයේ පාලනය සියතට ගැනීම තුළ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි පාලන කාලය දැඩි අර්‍බුදයකට ලක්ව ඇති අතර ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් පවා ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් උදාවී ඇත. ඩිමොක්‍රටිකයින් බලයට පත් වුවහොත් ඔහුට නැවත දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකි බව ඔක්ලහෝමා හි රැස්ව සිටි විපක්ෂයේ නායකයන් තම ආධාරකරුවන් හමුවේ මැතිවරණයට පෙර පැවති හමුවකදී ද ප්‍රකාශ කර තිබූ අතර ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට තවත් අවස්ථාවක් ලැබී ඇති බව ඇමෙරිකානු මාධ්‍ය නිරන්තරයෙන් පවසයි. මෙම මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට මෙතරම් ආසන සංඛ්‍යාවක් අහිමි වීමට බලපෑ හේතු 5ක් දේශපාලන විචාරකයන් විසින් පහදනු ලබයි. ජීවන වියදම ඉහළ යෑම, ජනප්‍රිය නොවන ඉරාන යුද්ධය, ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් විනයගරුක පණිවිඩය, ට්‍රම්ප්ට එරෙහිව ගොඩ නැගුණු අප්‍රසාදය, හිස්පැනික් සහ කළු ඡන්දදායකයින් යළි ට්‍රම්ප් විරෝධීන් වීම යන කරුණු මෙම හේතු ලෙස දක්වා ඇත. ඇමෙරිකාව පුරා ම, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම නිසා පීඩාවට පත්ව සිටි ඡන්දදායකයෝ ඒ සම්බන්ධයෙන් දැඩි නොසතුට පළ කරමින් සිටියහ. එම කෝපය සහ කලකිරීම තීරණාත්මක මැතිවරණ ඡන්ද විමසීම් පැවති ප්‍රදේශවලදී පැහැදිලිව දක්නට ලැබිණි. ඡන්දදායක මත විමසුමකදී විමසූ අයගෙන් 10 දෙනකුගෙන් (63%) 6 දෙනෙකු පමණ කියා සිටියේ ඉරානයට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්‍ග ගැනීමට එක්සත් ජනපදය වැරදි තීරණයක් ගත් බව ය. එසේම, ඡන්දදායකයින්ගෙන් හතරෙන් තුනක් (74%) කියා සිටියේ, යුද්ධය කොංග්‍රසයට ඡන්දය දීමේදී තීරණාත්මක හෝ ප්‍රධාන සාධකයක් බව ය. චතුර පමුණුව
99mobile