
මත්තලට මිලියන 67,765ක පාඩුවක්
FM Heart · 1 min read
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ දක්වා කාලයේ දී රුපියල් මිලියන හැටහත් දහස් හත්සිය හැටපහක (67,765ක) පාඩුවක් ලබා ඇති බව අනාවරණය වී ඇත. ඉකුත් වර්‍ෂයේ දී (2025) මෙකී ගුවන්තොටුපොළ ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් මිලියන 4,906කි. මෙහි ඉකුත් වර්‍ෂයේ මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,523ක් වූ අතර මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 257කි. මෙකී ගුවන්තොටුපළේ අපේක්ෂිත වාර්‍ෂික මගී සංචලනය මිලියනයක් වුවද වසර හතරක් තුළ වාර්‍තා වී ඇත්තේ ගුවන් මගීන් හාරලක්‍ෂ හැට දෙදහස් එකසිය අනූ එකක් බව ද (462,191ක්) බව ද අනාවරණය වී ඇත. මෙකී ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා ලබාගත් විදේශ ණය සඳහා 2015 වර්‍ෂයේ සිට මේ දක්වා කාලයේ දී ගුවන් තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම විසින් චින යුවාන් මිලියන 183.6 මුදලක් ණය පොලී ලෙස ගෙවා තිබුණි. මෙකී ගුවන්තොටුපොළ ලබන වසරේ මුල්භාගය වන විට තාක්ෂණික වශයෙන් හැකියාව ඇති සහ වාණිජමය වශයෙන් සුදුසු ආයෝජන සහ සංවර්‍ධනය සඳහා හඳුනා ගැනීමට අදහස් කර ඇති බව ගුවන් තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම පවසයි. ගුවන් තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් 2025 වර්‍ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්‍තාව මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇත. ලලිත් චාමින්ද

