FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වැලිකඩ තදබදේ එහෙමමයි

FM Heart · 1 min read

The Heart Academy
වැලිකඩ බන්ධනාගාරයේ පවතින රැඳවියන්ගේ තදබදයේ වෙනසක් නැතැයි බන්ධනාගාර නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය. මෙම බන්ධනාගාරයේ 1,200 දෙනකු පමණ රඳවා ගැනීමට ඉඩපහසුකම් ඇත. නමුත් මේ වනවිට රැඳවියන් 3,800 දෙනකු පමණ සිටින බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර බන්ධනාගාරයේ අඩුපාඩු පරීක්ෂා කිරීම සඳහා මෙහි පැමිණි නිරීක්ෂණ මණ්ඩලයට මෙම තදබදය පිළිබඳව දැනුම්දුන් බව බන්ධනාගාර නිලධාරියා සඳහන් කළේය. මෙම බන්ධනාගාරයේ රැඳවියන් රඳවා සිටින ගොඩනැගිලි පුළුල් කිරීමට ද මෙම නිරීක්ෂණ මණ්ඩලය අවධානය යොමු කර ඇත. මේ අතර රජයේ රස පරීක්‍ෂණ වාර්‍තා ලැබෙන ලැබෙන ආකාරයට මෙම රැඳවියන් සංඛ්‍යාවේ අඩුවක් ඇතිවිය හැකි බවද බන්ධනාගාර නිලධාරියා කියයි. නෝමන් පලිහවඩන
99mobile