FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ජලාශ අටම පිරී භූකම්පන අවදානමක්

FM Heart · 1 min read

The Heart Academy
ප්‍රධාන ජලාශ අටම ජලයෙන් පිරී පවතින බැවින් මධ්‍යම කඳුකරයේ සුළු භූ කම්පන තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්‍භ විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පැවසීය. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ, පොල්ගොල්ල, බෝවතැන්න, කාසල්‍රී සහ මවුස්සාකැලේ ජලාශ මේ වන විට උපරිම ජලධාරිතාවක් පෙන්නුම් කරන බවද ඇතැම් ජලාශ පිටාර මට්ටම ඉක්මවා ඇති බවද මහාචාර්‍යවරයා ප්‍රකාශ කළේය. මෙයට පෙර මෙවැනිම අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පසු කෙටි කලකින් මධ්‍යම කඳුකරයේ දිගන පල්ලේකැලේ මහියංගනය ආශ්‍රිතව භූ කම්පන තත්ත්ව ඇතිවූ බවද මහාචාර්‍යවරයා පෙන්වා දුන්නේය. ජලාශවල ජලය දිගු කාලයක් රඳවා තැබීම හේතුවෙන් පොළවේ පාෂාණ ස්ථරයන් පීඩනයට ලක් විය හැකි අවස්ථා මතු විය හැකි බවත් අතුල සේනාරත්න මහතා අවධාරණය කළේය. සමන්ති වීරසේකර
99mobile