
මහින්දට උපාධියක් තියා ඩිප්ලෝමාවක්වත් නෑ… ගුරෙක් වුණේ රනිල්ගේ පිහිටෙන්… අන්තිමට 6%ක් පෙන්නලා ගුරු පරපුරම රැවට්ටුවා…! (Video)
FM Heart · 1 min read
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යනු විශ්වවිද්‍යාලයක හෝ විද්‍යා පීඨයක හෝ ගුරු විද්‍යාලයක කිසිදු විධිමත් අධ්‍යාපනයක් කළ අයකු නොවන බව ජාතික එකමුතු ගුරු සංගමය පවසයි. එම සංගමය විසින් කැඳවූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වූයේ මහින්ද ජයසිංහ, රනිල් වික්‍රමසිංහ ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියම් ලෙස පත්කළ අභ්‍යාසලාභී ගුරුවරයෙකු බවයි. කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දුෂ්කර පාසලකට පත්වීම් ලද මහින්ද ජයසිංහ අනතුරුව වෘත්තීය සමිතියක් අටවාගෙන ආණ්ඩු බලය ලැබෙන තුරු අධ්‍යාපනයට 6%ක් ලබා දෙන බව කියමින් විරෝධතා කර සමස්ත ගුරු පරපුරම රැවටූ බවද සඳහන් කරයි. අවසානයේ ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, ආචාර්‍ය උපාධි ඇති සමස්ත ගුරු පරපුරම මහින්ද ජයසිංහලාට රැවටුණු බවද එම සංගමය අවධාරණය කරයි.

