
කොලඹ කානු හදල තියෙන්නෙ පැරණි වැසිවලටයි.. 76 වසරට නොවුනු දේවල් අවුරුදු දෙකෙන් දෙන්න බෑ..
FM Heart · 1 min read
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 76ක කාලයක් පුරා රට පාලනය කළ පාර්‍ශ්වයන්ගෙන් සංවර්‍ධනය සිදු වූයේදැයි ප්‍රශ්න කළ යුතු බවත්, පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්‍ග ගනිමින් සිටින බවත්‍ය. කොළඹ නගරයේ උද්ගතව ඇති ජල ගැලීම් තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ හර්‍ෂණ නානායක්කාර මහතා, කොළඹ පවතින කාණු සහ අපවහන පද්ධති නිර්‍මාණය කර ඇත්තේ මීට වසර ගණනාවකට පෙර පැවති පැරණි කාලගුණික රටාවන්ට අනුකූලව බව පෙන්වා දුන්නේය. දේශගුණික විපර්‍යාස හමුවේ ඇදහැලෙන අධික වර්‍ෂාව මෙම තත්ත්වයට සෘජුව බලපා ඇති බවත්, කොළඹ නගරය ජලයෙන් යටවීම පළමු වරට සිදුවූ සිදුවීමක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය. මෙම ගැටලුව විසඳීමට ගතවන කාලය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ඒ පිළිබඳව විමසිය යුත්තේ කොළඹ නගරාධිපතිවරයාගෙන් බවත්, ජනතා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් නගරාධිපතිවරුන් ඇතුළු කිසිදු තරාතිරමක අයෙකු රජය විසින් තනතුරුවල තබා නොගන්නා බවත් තරයේ ප්‍රකාශ කළේය.

