FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නව ජල සම්බන්ධතා ඉල්ලීම් රැසක්: – මග හිටපුවා පටන් ගත්තා – අලුත් ජල ව්‍යාපෘති ඇරඹුවේ නෑ

FM Heart · 1 min read

The Heart Academy
ඇමැති සුසිල් රණසිංහ රට පුරාම ජලය ලබාගැනීමට නව සම්බන්ධතා ඉල්ලීම් රැසක් ඇතත් ආණ්ඩුව තවමත් අතරමග නවතා ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා මිස අලුතින් කිසිදු ජල ව්‍යාපෘතියක් ආරම්භ කර නැතැයි නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන ඇමැති සුසිල් රණසිංහ මහතා පාර්‍ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය. එහිදී ඔහු මෙසේද කියා සිටියේය. ‘රට පුරාම ජලය ලබාගැනීම සඳහා ජලසම්පාදන මණ්ඩලයට විශාල ඉල්ලුමක් තිබෙනවා. නමුත් පසුගිය කාලයේ තිබූ දේශපාලන, ආර්‍ථික අර්‍බුදත් වෙනත් ගැටලුත් නිසා මණ්ඩලයේ ප්‍රධාන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ඒවා සම්පූර්‍ණ කිරීම නොහැකි වෙලා තිබෙනවා. අපේ රජය ඇවිත් තමයි අතරමග නවතා තිබූ ව්‍යාපෘති ආරම්භ කළේ. ඒවා බොහොමයක් දැන් අවසන් අදියරේ තිබෙනවා. අලුත් ව්‍යාපෘති කිසිවක් ආරම්භ කළේ නෑ. ජයිකා ආධාර ලැබුණු ව්‍යාපෘතිවල පවා විවිධ ගැටලු නිසා අතරමග නතරවෙලා තිබෙනවා. දැන් තමයි ඒවා ආරම්භ කිරීමට කටයුතු කරන්නේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්‍රාන් මහරුෆ් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකදී කින්නියා නගර සභා ප්‍රදේශයට අලුතින් ජල ටැංකියක් ඉදිකර දෙන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් මේ බව කී ඇමැතිවරයා ටැංකියක් ඉදිකිරීමට පෙර කන්තලේ ජල පවිත්‍රාගාරයේ ධාරිතාවය ඉහළ නැංවිය යුතු බවද කියා සිටියේය. අකිත පෙරේරා
99mobile