
LIOC, Sinopec පෙට්‍රල් මිල තවත් ඉහල දමයි..
FM Heart · 2 min read
ඒ අනුව, ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් වන අතර, මීට පෙර එහි මිල පැවතියේ රුපියල් 495ක් වශයෙනි. මෙම නව මිල සංශෝධනය (නොවැම්බර් 05) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බව එම සමාගම් නිල වශයෙන් දැනුම් දෙයි. කෙසේවෙතත්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ඇතුළු සෙසු ඉන්ධන නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනයකින් තොරව නොවෙනස්ව පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම සඳහන් කරයි. එමෙන්ම සිනොපෙක් සමාගම නිකුත් කළ මිල සංශෝධන නිවේදනයට අනුව, සුපර් ඩීසල් (Super Diesel) ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර එය පෙර පැවති පරිදිම රුපියල් 600ක මිලකට අලෙවි කෙරේ. සිනොපෙක් එනර්‍ජි ලංකා සමාගමේ විධායක අධ්‍යක්ෂ අත්සනින් යුතුව සියලුම පිරවුම්හල් බෙදාහරින්නන් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් විශේෂ උපදෙස් මාලාවක් ලබා දී තිබේ. ඒ අනුව, නව මිල ගණන් පිරවුම්හල් නාමපුවරුවල පැහැදිලිව ප්‍රදර්‍ශනය කළ යුතු අතර, පාරිභෝගිකයන් වෙත ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් ඉන්ධන නිකුත් කිරීමට පෙර අදාළ නව මිල පිළිබඳව ඔවුන්ව දැනුවත් කර, ඔවුන්ගේ පූර්‍ව එකඟතාව හා කැමැත්ත ලබාගැනීමෙන් අනතුරුව පමණක් ඉන්ධන පිරවීමට පියවර ගන්නා ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් සේවකයන්ට දැඩිව උපදෙස් ලබා දෙන ලෙස පාලනාධිකාරිය බෙදාහරින්නන්ගෙන් ඉල්ලා සිටී. රජයේ අනුමැතිය සහ නියාමන ප්‍රතිපත්තියට අනුකූලව, ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වැනි සුඛෝපභෝගී ඉන්ධන කාණ්ඩයන්හි මිල තීරණය කිරීම ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල උච්චාවචනයන්ට අනුකූලව සිදුකරන බවද එම සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.

