FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අපි ඉන්ධන විකුණන්නේ ගොඩබාන මිලට වඩා අඩුවෙන්..- නි. ඇමතිනී

FM Heart · 2 min read

The Heart Academy
ඉන්ධන මිල සම්බන්ධයෙන් පාර්‍ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් සංවාදයකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, වත්මන් ඉන්ධන මිල සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ විවේචන එල්ල වුවද, යථාර්‍ථය වන්නේ ගෝලීය වෙළෙඳපොළේ මිල ඉහළ යෑමේ සම්පූර්‍ණ බර රජය විසින් ජනතාව මත පටවා නොමැති බවයි. "දැන් ඇවිල්ලා තියෙන ගාන ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. හැමෝම අහනවා ඇයි දැන් මේ ගොඩබාන මිලට ඉන්ධන දෙන්නේ නැත්තේ කියලා. ඇත්තටම තවමත් අපි මේ ඉන්ධන ලබා දෙන්නේ ගොඩබාන මිලටත් වඩා අඩුවෙන්," යැයි ඇය එහිදී අවධාරණය කළාය. ජාත්‍යන්තර වෙළෙඳපොළ දත්තයන්ට අනුව, ආසියානු කලාපයේ පිරිපහදු කළ ඉන්ධන මිළ තීරණය කෙරෙන ප්‍රධාන මිණුම්දණ්ඩ වන සිංගප්පූරු ප්ලැට්ස් (Singapore Gasoil Platts) දර්‍ශකයේ ඩීසල් බැරලයක මිල අද දිනය වන විට ඇමෙරිකානු ඩොලර් 165ක් දක්වා ඉහළ ගොස් තිබේ. බොරතෙල් හෝ පිරිපහදු කළ ඩීසල් බැරලයක ලීටර් 159ක් අඩංගු වන අතර, ඒ අනුව සිංගප්පූරු ප්ලැට්ස් මිලට අනුව පමණක් ඩීසල් ලීටරයක මූලික මිල ඩොලර් 1.04ක් (වත්මන් ඩොලරයේ විනිමය අනුපාතිකය රුපියල් 300ක් ලෙස සැලකූ විට රුපියල් 312ක් පමණ) වේ. මීට අමතරව, නෞකා ගාස්තු (Freight), රක්ෂණ ගාස්තු (Insurance), වරාය මෙහෙයුම් සහ ගොඩබෑමේ වියදම් (Handling charges) එක් වූ විට, වත්මන් වෙළෙඳපොළ තත්ත්වය යටතේ ඩීසල් ලීටරයක් මෙරට වරායට ගොඩබෑම සඳහා පමණක් (දේශීය බදු හා බෙදාහැරීමේ වියදම් රහිතව) රුපියල් 320ත් 330ත් අතර පිරිවැයක් දැරීමට සිදුවේ. ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන මිල සංශෝධනය සිදු කරනු ලබන්නේ සිංගප්පූරු ප්ලැට්ස් මිල දර්‍ශකය, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සහ නෞකා ප්‍රවාහන ගාස්තු මත පදනම් වූ විධිමත් පිරිවැය පරාවර්‍තක මිල සූත්‍රයකට අනුවය.
99mobile