FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

තජූඩීන් මැරුවේ නාමලුයි අම්මයි.. එක්නැළිගොඩ මැරුවේ නාමලුයි බාප්පයි..- මාලිමා මන්ත්‍රී

FM Heart · 2 min read

The Heart Academy
වත්මන් රජය මර්‍දනය දියත් කරමින් පොලිස් රාජ්‍යයක් බිහිකරන බවට හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිදුකරන ප්‍රකාශයන්ට සදාචාරාත්මක කිසිදු අයිතියක් නොමැති බව පවසමින්, රාජපක්ෂ පාලන සමයේ සිදුවූ අභිරහස් ඝාතන, මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර, සුදු වෑන් භීෂණය සහ මහජන වෙඩි තැබීම් සිහිපත් කරමින් ජාතික ජන බලවේගයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පාර්‍ලිමේන්තුවේදී දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය පාර්‍ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය කලේය තමන්ට පෙර අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතාගේ කතාවට සෘජුව ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ, මර්‍දනය සහ ඝාතන පිළිබඳ ඉතිහාසයක් හිමි පිරිසක් අද වන විට මර්‍දනය ගැන කතා කරන්නේ කෙසේද යන්නයි මෙහිදී අතීත සිදුවීම් පෙළගැස්වූ ශාන්ත පද්මකුමාර මහතා, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළේ කවුරුන්ද යන්න සහ ඊට "අම්මයි පුතයි" සම්බන්ධ බව මුළු රටම දන්නා බව ප්‍රකාශ කළේය එමෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කර ඝාතනය කිරීම පිටුපස නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බාප්පාවරුන් සිටි බවටද හෙතෙම චෝදනා කළේය ඊට අමතරව, මාධ්‍යවේදී පොද්දල ජයන්ත, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් යන මාධ්‍යවේදීන්ට පහර දී අත්පා කඩා ඝාතනය කිරීමට උත්සාහ කළේ නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස බව මන්ත්‍රීවරයා සභාවේදී සිහිපත් කළේය පානීය ජලය ඉල්ලා සාමකාමීව උද්ඝෝෂණය කළ රතුපස්වල අහිංසක ජනතාවට සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස විරෝධතාවයේ යෙදුණු කම්කරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ වගකීම රාජපක්ෂවරුන් භාරගත යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය තවද, සිරස ආයතනයට බෝම්බ ගැසීම, සියත නාලිකාවට ගිනි තැබීම, සුදු වෑන් මඟින් පුද්ගලයන් පැහැර ගැනීම මෙන්ම පොලිසිය ලවා "ආයුධ පෙන්වීමට" රැගෙන ගොස් සැකකරුවන් ඝාතනය කිරීමේ භීෂණ යුගයක් නිර්‍මාණය කළේ එම පාලනය බව පැවසූ මන්ත්‍රීවරයා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දකුණේ හෝටලයකට කඩා වැදී ත්‍රස්තවාදීන් සමඟ යුද්ධ කරන අයුරින් වෙඩි ප්‍රහාර එල්ල කළ අයුරුද මතක් කර දුන්නේය නාමල් රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ඉන්ධන හා ගෑස් පෝලිම් ඇති බවට පවසන ප්‍රකාශ උපහාසයට ලක් කළ මන්ත්‍රීවරයා, "කොහෙද තෙල් පෝලිම්, ගෑස් පෝලිම් තියෙන්නේ? වැලිකඩ තියෙනවද? බොරු කියලා වැලිකඩ යන්න වෙනවා නම් ඒකටත් කප් එක ගහන්නේ නාමල් අනාගත 2029 වැලිකඩ ජනාධිපතිතුමා," යැයි සදහන් කළේය වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගතවූ මාස දෙකකට අධික කාලය තුළ කිසිදු අහිංසක පුරවැසියෙකු බන්ධනාගාරගත කර හෝ මර්‍දනයට ලක් කර නොමැති බවත්, සැබෑ මර්‍දනයේ නිර්‍මාතෘවරුන්ට වත්මන් පාලනය විවේචනය කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය
99mobile