FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රටම එකට සර්‍ව ආගමික සමුළුව හෙට ජනපති ප්‍රධානත්වයෙන්

FM Heart · 1 min read

The Heart Academy
විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කර වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන සර්‍ව ආගමික සමුළුව හෙට (05) පස්වරු 2.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කර පසුගිය ඔක්තෝබර් 30 වැනිදාට වසරක් සම්පූර්‍ණ විය. මෙරට විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් රජය විසින් ආරම්භ කරන ලද මෙම විශේෂ ජාතික වැඩපිළිවෙළ පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල බිඳ දැමීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් පුළුල් කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණු අතර වේ. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව ඇතුළු සමාජයේ විවිධ පාර්‍ශ්ව දැනුවත් කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ප්‍රජාව සවිබල ගැන්වීම ද මෙම ජාතික වැඩපිළිවෙළේ ප්‍රමුඛ අංගයන් වේ.
99mobile