
කොළඹ කොටස් අද ලොකු පිම්මක් පනී..
FM Heart · 1 min read
දිනය නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්‍ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 421.48 කින්, එනම් සියයට 2.09ක සැලකිය යුතු වර්‍ධනයක් අත්කර ගනිමින් ඒකක 20,541.12ක් ලෙස සටහන් විය. ඊට සමගාමීව, මෙරට ප්‍රමුඛතම සමාගම් 20 නියෝජනය වන ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ (S&P SL20) දර්‍ශකයද ඒකක 112.52කින් හෙවත් සියයට 1.97කින් ඉහළ ගොස් දිනය අවසානයේ ඒකක 5,835.09ක මට්ටමක ස්ථානගත විය. වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 3.86ක් ලෙස දැක්වුණු අතර, දිනය පුරා කොටස් 119,455,060ක් හුවමාරු වී තිබේ. ඒ සඳහා වාර්‍තා වූ සමස්ත ගනුදෙනු වාර සංඛ්‍යාව 25,165කි.

