FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

PTA එකයි අපේ PSTA එකයි සසදලා බලන්න..

FM Heart · 1 min read

The Heart Academy
ගුණසේකර මහතා සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම ඇතුළු අදාළ පනත් කෙටුම්පත් ද්විත්වය මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති බවයි. අධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් ලැබෙන නියෝග සහ නිර්‍දේශ සැලකිල්ලට ගනිමින්, පාර්‍ලිමේන්තුවේදී පුළුල් ලෙස සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමට රජය සූදානම් බව හෙතෙම පෙන්වා දුන්නේය. රජය සැමවිටම ජනතාවගේ පාර්‍ශ්වයේ සිටින බැවින් ජනමතය හෝ මාධ්‍ය නිදහස යටපත් කිරීමට මර්‍දනකාරී අණපනත් ගෙන ඒමේ කිසිදු වුවමනාවක් නොමැති බවත්, එය රජය ප්‍රායෝගිකවම ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. තවද, විවේචනය කිරීමේ අයිතිය ඕනෑම පාර්‍ශ්වයකට පවතින බව පෙන්වා දුන් ඒ මහතා, යම් හෙයකින් එම විවේචන තුළ ජනතාවාදී හෝ ප්‍රගතිශීලී අදහස් හා යෝජනා අන්තර්‍ගත වන්නේ නම්, ඒවා කෙරෙහි අවධානය යොමු කර පිළිගැනීමට පාලක පක්ෂයක් ලෙස රජය කිසිසේත් මැළි නොවන බවද වැඩිදුරටත් කියා සිටියේය.
99mobile