
ABU සමුළුවට සිරසට කෝටි 10ක් දීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...
FM Heart · 1 min read
‘ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවන්ගේ සංගමය’ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, රාජ්‍ය මුදල් මෙලෙස පෞද්ගලික නාලිකාවක් වෙත ලබාදීමේ නීතිමය පදනම කුමක්දැයි ඔවුන් ප්‍රශ්න කර සිටී. ආසියා ශාන්තිකර කලාපීය විකාශකයින්ගේ සංගමයේ (ABU) මහ සමුළුව කොළඹදී පැවැත්වීම මෙන්ම, ඊට සමගාමීව පැවති විධායක රැස්වීම්, සංගීත ප්‍රසංග සහ විනෝද චාරිකා වැඩසටහන් වෙනුවෙන් රජයේ මුදල් මෙතරම් විශාල වශයෙන් වැය කිරීම තුළ බරපතළ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව එම සංගමය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, අදාළ මුදල මහා භාණ්ඩාගාරයේ මහජන බදු මුදල් නොවන බවයි. එය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්‍ධන කාර්‍යාංශය (SLTPB) සතු අරමුදලින් ලබා දුන් අනුග්‍රාහකත්වයක් බවත්, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් අය කෙරෙන ඩොලර් පහක ගාස්තුවෙන් සහ හෝටල් ආදායම් මත පනවන සියයට එකක සෙස් බද්දෙන් එම අරමුදල සමන්විත වන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ඉරිදා කොළඹදී පැවති මෙම මහා සමුළුව සඳහා රටවල් 66ක් නියෝජනය කරමින් විදෙස් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන් 350කට අධික පිරිසක් සහභාගී වූහ.

