
ධාවනය වෙමින්තිබූ බසයක් මතට විශාල ගලක් පෙරලෙයි... මගියෙකු ජීවිතක්ෂයට...
FM Heart · 1 min read
දින පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්‍ගයේ ගිනිගත්හේන කළුගල පොලිස් මුර පොල අසලදීය. බස් රථයඑට ගල පෙරලී බිමට පතිත වීමත් සමග අසුනක වාඩි වී සිටි මගියා බරපතල තුවාල ලැබීමෙන් පසු පොල්පිටිය කළුගල පොලිස් නිළධාරින් සහ බස් රථයේ මගීන් එක්ව තුවාලකරු රෝහල කරා රැගෙන යන අතරතුර මිය ගොස් ඇත. හැටන් ඩිපෝවට අයත් ලංගම බස් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති අතර, පොල්පිටිය ප්‍රදේශයට (27) ඇදහැලුණු අධික වර්‍ෂාවත් සමග ගල පෙරලී පහළට බස් රථයට පෙරලෙන්නට ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන පොල්පිටිය පොලිසිය කියා සිටියේ. අනතුරින් මිය ගොස් ඇත්තේ ආගරපතන ප්‍රදේශයේ පදිංචි මුත්තන් සුදර්‍ශන් නැමති 35 හැවිරිදි අයෙකු බව හදුනාගෙන ඇත.

