
ඉන්ධන බෙදුම්කරුවන් වර්‍ජනයට..
FM Heart · 1 min read
දැනට උද්ගතව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, එම විරෝධතා ව්‍යාපාරයට පිරවුම්හල් හිමිකරුවන්ගේ සහ සේවක පිරිස්වල දායකත්වය ලබා දිය යුතු බවට ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් මෙන්ම සේවකයින්ගෙන් ද ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බව එම සංගමය කියා සිටී. 2025 වසරේ සිට ඉන්ධන බෙදාහැරීමේ සමාගම් දෙකක් විසින් බෙදුම්කරුවන්ට හිමිවූ වට්ටම් ප්‍රතිශතය අයුක්තිසහගත අයුරින් කප්පාදු කිරීම නිසා සිය ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බව සංගමය පෙන්වා දෙයි. ඊට අමතරව, නීතිවිරෝධී අන්දමින් වැට් බදු අය කිරීම දරාගත නොහැකි වීම, පෞද්ගලික අංශයේ සමාගම් සතු ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම සහ පිරවුම්හල් හිමියන් මුහුණ දෙන අර්‍බුද විසඳීමට රජය හෝ අදාළ පාලනාධිකාරිය සංවේදීව මැදිහත් නොවීම යන කරුණු ද මෙම තත්ත්වයට බලපා තිබේ. මේ අතර, ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සඳහා මෙතෙක් විධිමත් නියාමකවරයෙකු පත් කර නොතිබීමත්, එම ක්ෂේත්‍රය කඩිනමින් නියාමන කොමිෂන් සභාවක් යටතට පත් නොකිරීමත් හේතුවෙන් සමස්ත ඉන්ධන කර්‍මාන්තය සහ බෙදුම්කරුවන් බරපතළ අසීරුතාවකට මුහුණ පා සිටිති. වගකිවයුතු බලධාරීන් විසින් අවම තරමින් මෙම ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදීම නිසා පවතින අර්‍බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

