
O/L ටියුෂන් තහනම් කරයි..
FM Heart · 1 min read
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ මෙම තහනම දෙසැම්බර් 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,519 කදී දෙසැම්බර් 08 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන විභාගය අවසන් වන තෙක් බලාත්මකව පවතින බවයි. විභාග අපේක්ෂකයින් සඳහා දේශන සහ වැඩමුළු පැවැත්වීම මෙන්ම විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදා හැරීම ද මෙම තහනමට ඇතුළත් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය. එමෙන්ම විභාග ප්‍රශ්න හෝ ඊට සමාන ප්‍රශ්න ඇතුළත් පෝස්ටර්, බැනර් හෝ අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හෝ ළඟ තබා ගැනීම ද මෙම කාලසීමාව තුළ සපුරා තහනම් වේ. මෙවැනි ඕනෑම නීති උල්ලංඝනය කිරීමක් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට, පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්‍තමේන්තුවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

