FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සියලු ලංසු ප්‍රතික්ෂේප කරයි...

FM Heart · 2 min read

The Heart Academy
ගැසට් නිවේදනයක් සහ භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික නිකුතුව පිළිබඳ මහ බැංකු නියෝගයේ 8.2 වගන්තිය උපුටා දක්වමින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්‍යාලය සඳහන් කළේ මෙම වෙන්දේසියේදී කිසිදු ලංසුවක් පිළි නොගැනීමට තීරණය කළ බවයි. එහිදී රුපියල් බිලියන 80ක (ඩොලර් මිලියන 240ක) බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, ලැබුණු ලංසුවල වටිනාකම, ඵලදා අනුපාතය හෝ මෙම තීරණයට හේතුව එම නිවේදනයේ සඳහන් කර නොතිබුණි. නොවැම්බර් 18 වැනිදා පැවති වෙන්දේසියේදී ඉදිරිපත් කළ රුපියල් බිලියන 90ක ප්‍රමාණයට සාපේක්ෂව බදාදා වෙන්දේසියේදී රාජ්‍ය ණය කළමනාකරණ කාර්‍යාලය විසින් රුපියල් බිලියන 80ක් ඉදිරිපත් කර තිබුණි. නොවැම්බර් 18 වෙන්දේසියේදී ඵලදා අනුපාත නොවෙනස්ව පැවති අතර රුපියල් බිලියන 80.19ක බිල්පත් අලෙවි විය. කාලසීමාවන් අනුව, මාස 3 බිල්පත් රුපියල් බිලියන 45ක් ඉදිරිපත් කර තිබියදී රුපියල් බිලියන 63.56ක්ද, මාස 6 බිල්පත් රුපියල් බිලියන 25ක් ඉදිරිපත් කර තිබියදී රුපියල් බිලියන 4.6ක්ද, මාස 12 බිල්පත් රුපියල් බිලියන 20ක් ඉදිරිපත් කර තිබියදී රුපියල් බිලියන 11.99ක්ද එදින අලෙවි වී තිබුණි. පොලී අනුපාත ඉහළ දැමීමට පෙර මාස 3 බිල්පත්වල ඵලදා අනුපාතය සියයට 9.35ක් වූ අතර, එය නව සියයට 9.00 එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතයට වඩා පදනම් අංක 50ක් ඉහළින් පවතින මහ බැංකුවේ සියයට 9.50ක නිත්‍ය ණය පහසුකම් (SLF) අනුපාතිකයට වඩා අඩු මට්ටමක පැවතුණි. පොලී අනුපාත ඉහළ දැමීමට පෙර මාස 3 බිල්පත්වල ඵලදා අනුපාතය මහ බැංකුවේ නව සියයට 9.50ක නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයට වඩා අඩු මට්ටමක පැවති බැවින්, වෙන්දේසි සාර්‍ථකව අවසන් කිරීම සඳහා ඉහළ ඵලදා අනුපාතයන් අවශ්‍ය වනු ඇති බව සෙන්ෆින් සිකියුරිටීස් කොටස් තැරැව්කාර ආයතනය පෙන්වා දී තිබේ. මැයි මාසයේදී පදනම් අංක 100කින් පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනතුරුවද, කාලසීමා තුනෙහිම බිල්පත් ඵලදා අනුපාතවල සැලකිය යුතු ඉහළ යාමක් නිරීක්ෂණය වූ අතර, ප්‍රතිපත්තිමය පියවරද ඉක්මවා යමින් අඛණ්ඩව සති තුනක වෙන්දේසිවලදී ඵලදා අනුපාත ඉහළ ගිය බව දේශීය කොටස් තැරැව්කාර ආයතන නිරීක්ෂණය කර තිබුණි.
99mobile