
ප්‍රභාකරන්ගේ ඡායාරූප ප්‍රදර්‍ශනය කළ පුද්ගලයන් කිහිපදෙනෙකු මන්නාරම සහ මුලතිව් ප්‍රදේශවලදී අත්අඩංගුවට!
FM Heart · 1 min read
හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සැමරුම් උත්සවවලදී ප්‍රදර්‍ශනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු මන්නාරම සහ මුලතිව් ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්‍ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. පසුගිය සතිය පුරා උතුරු පළාතේ පැවති සැමරුම් උත්සව පොලිසිය සමීපව නිරීක්ෂණය කළ බවත්, අදාළ ගැසට් රෙගුලාසි උල්ලංඝනය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ඡායාරූප ප්‍රදර්‍ශනය කිරීම සම්බන්ධයෙන් ද කරුණු අධිකරණයට වාර්‍තා කර ඇති බව ඔහු පැවසීය. උතුර, නැගෙනහිර හෝ දකුණ යන ප්‍රදේශ භේදයකින් තොරව මියගිය තම ඥාතීන් සිහිපත් කිරීමට රජය අවසර ලබාදී ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා, තහනම් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්‍ධනය කරන කිසිදු ක්‍රියාකාරකමකට ඉඩ නොදෙන බව ද ප්‍රකාශ කර තිබේ. එමෙන්ම විදේශයන්හි පැවති පැරණි සැමරුම්වල ඡායාරූප සහ වීඩියෝ වර්‍තමානයේ ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීම් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට ද අමාත්‍යවරයා චෝදනා කර ඇත.

