FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලංකාවේ හමුදාව වැඩියි.. අඩු කල යුතුයි..- රාසමානික්කම්..

FM Heart · 2 min read

The Heart Academy
පාර්‍ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් සිදු නොවන පරිදි නවීන තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්ෂණය සඳහා වැඩි ආයෝජනයක් සිදු කරමින් ආරක්ෂක අංශය ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි. පිලිපීනය, තායිවානය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ආරක්ෂක අංශවල සාමාජික සංඛ්‍යාවන් උදාහරණ ලෙස පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන ආරක්ෂක අංශයේ සාමාජික සංඛ්‍යාව සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව සඳහන් කළේය. මෙරට හමුදා සාමාජිකයන් ඇතුළු ආරක්ෂක අංශයේ සාමාජිකයන් 324,000ක් පමණ සිටින බවද ඔහු පැවසීය. එක් හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් වැටුප්, ආහාර සහ අනෙකුත් දීමනා ඇතුළු වියදම් සඳහා වසරකට රුපියල් ලක්ෂ 16ක් පමණ වැය වන බව පෙන්වා දුන් රාසමාණික්කම් මහතා, හමුදා සාමාජිකයන් 100ක සංඛ්‍යාවක් අඩු කිරීමෙන් ඉතිරි වන මුදලින් මිනිබස් රථ 7ක්, ගිලන් රථ 9ක් සහ ගුරු පුහුණු දීමනා 657ක් ලබා දීමට හැකියාව ඇති බවද උදාහරණ සහිතව පැහැදිලි කළේය. එමෙන්ම හමුදාවෙන් ඉවත් වන සාමාජිකයන්ට අහඹු ලෙස සේවය හැර ගිය පුද්ගලයන් බවට පත් වීමට ඉඩ නොදී, විධිමත් ක්‍රමවේදයක් යටතේ වෘත්තීය පුහුණුව ලබා දී වෙනත් රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු යෝජනා කළේය. ඒ සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ පාරිතෝෂිකයක් ලබා දීම, වෘත්තීය පුහුණුව සඳහා රජය ආයෝජනය කිරීම සහ කැමැත්තක් දක්වන පිරිස් විදේශ රැකියා සඳහා යොමු කිරීම වැනි ක්‍රමවේද හඳුන්වා දිය හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ජාතික ආරක්ෂාව අඩපණ කිරීම සිය අරමුණ නොවන බව අවධාරණය කළ ඒ මහතා, වෘත්තීයමය හා තාක්ෂණික වශයෙන් ශක්තිමත් හමුදාවක් පවත්වාගෙන යන අතරම අනවශ්‍ය වියදම් අවම කර ගැනීම රටේ ආර්‍ථික අර්‍බුදයෙන් ගොඩ ඒම සඳහා වැදගත් බවද සඳහන් කළේය. මෙම ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව ඉදිරි අයවැය සකස් කිරීමේදී හෝ විශේෂ අවධානය යොමු කර සලකා බලන ලෙසද ෂාණක්කියන් රාසමාණික්කම් මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
99mobile