FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අධිකරණවල විනිසුරු පුරප්පාඩු 40ක් තවමත් පුරවා නැහැ.. මිලියනයක් නඩු ගොඩ ගැහිලා...

FM Heart · 1 min read

The Heart Academy
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 04ක්, අභියාචනාධිකරණයේ පුරප්පාඩු 09ක් සහ මහාධිකරණවල පුරප්පාඩු 27ක් මෙසේ පුරවා නොමැත. පසුගිය කාලයේදී රජය විසින් ඉහළ අධිකරණවල විනිසුරු පුරප්පාඩු කිහිපයක් පමණක් පුරවනු ලැබීය. සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර මාසයකට වැඩි කාලයක් ගත වී ඇති අවස්ථාවක අධිකරණ පද්ධතිය තුළ මෙවැනි තත්ත්වයක් පැවතීම ගැටලු සහගත බවයි. එමෙන්ම මෙලෙස පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් විනිසුරුවරුන්ට ඉහළ අධිකරණ වෙත යාමට තිබෙන අවස්ථාව මගහැරී යන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
99mobile