FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

හදවතක් නිසා හදවත උණු වුණ පිරිසක් නිසා දරුවෙකුගේ දිවි බේරෙයි

FM Heart · 1 min read

The Heart Academy
හදිසි අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි තරුණයෙකුගේ හදවත 14 හැවිරිදි දරුවෙකුට සාර්‍ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ​කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින් පෙරේදා (26) දිනයේ පැය 07කට අධික කාලයක් පුරා මෙම සැත්කම සිදුකර ඇති බවයි වාර්‍තා වන්නේ. ​මෙම සැත්කම සැලකෙන්නේ මෙරට රෝහලක සිදුකළ තුන්වන හදවත් බද්ධ කිරීමේ සැත්කම ලෙසටයි. ​හදිසි අනතුරකට ලක්ව ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය අදාළ 19 හැවිරිදි තරුණයාගේ හදවත පරිත්‍යාග කිරීමට ඔහුගේ දෙමව්පියන් කැමැත්ත පළ කර තිබුණා. ​එලෙස පරිත්‍යාග කළ හදවත කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රීඩාංගණය වෙත යොමු කර තිබුණ ද, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් මගින් එය රැගෙන ඒම දුෂ්කර වී තිබෙනවා. ​ඒ අනුව, ගම්පහ සිට කොළඹ දක්වා විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගිලන් රථයකින් එම හදවත නියමිත කාලය තුළ කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබූ අතර, අනතුරුව දරුවාට එය සාර්‍ථකව බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත් වුණා. .
99mobile