
අධිවේගී 3ක වැඩ පටන් ගනී…එකක් විවෘත කෙරේ
FM Heart · 2 min read
මධ්‍යම අධිවේගී මාර්‍ගයේ හතරවන කොටසේ පළමු අදියර ඇතුළු අධිවේගී මාර්‍ග ව්‍යාපෘති තුනක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති මෙන්ම වරායේ පිවිසුම් අධිවේගී මාර්‍ගයේ තෙවැනි පිවිසුම් මාර්‍ගය ලබන 01 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්‍ගයේ කුරුණෑගල සිට ගලේවෙල දක්වා කිලෝමීටර් 38.5 ක්, රුවන්පුර අධිවේගී මාර්‍ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 25.82 ක් සහ සීරෝඩ් ලෝටස් වටරවුම හා අධිවේගී මාර්‍ග යන ව්‍යාපෘතින්හි වැඩකටයුතු පළමුවෙනිදා ආරම්භ වේ. එසේම, වරාය පිවිසුම් කිලෝමීටර් 5.3 ක් සහිත අධිවේගී මාර්‍ගයේ වැඩ අවසන් කර වරාය මෙහෙයුම් කටයුතු සහ භාණ්ඩ ප්‍රවාහන රථ වාහන ගමනා ගමනය වෙනුවෙන් විවෘත කිරීමට ද නියමිතය. මධ්‍යම අධිවේගී මාර්‍ග ව්‍යාපෘතියේ හතරවන කොටස අදියර දෙකකින් ක්‍රියාත්මක අතර පළමු කොටස ලෙස කුරුණෑගල සිට ගලේවෙල දක්වා ද දෙවැනි කොටස ගලේවෙල සිට දඹුල්ල දක්වා ද ක්‍රියාත්මක වේ. කුරුණෑගල සිට ගලේවෙල දක්වා ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු පිරිවැය රුපියල් බිලියන 243.44 කි. රුවන්පුර අධිවේගී මාර්‍ග ව්‍යාපෘතිය අදියර තුනක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා ද, දෙවැනි අදියර ඉංගිරියේ සිට ගොරක ඇළ දක්වා ද, තුන්වන අදියර ගොරක ඇළ සිට පැල්මඩුල්ල දක්වා ද ක්‍රියාත්මක වේ. පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 251,360 කි. වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්‍ග ව්‍යාපෘතියේ නව කැලණි පාලමේ සිට කොළඹ වරාය දක්වා කිලෝමීටර් පහයි දශම තුනක ඉදිකිරීම් සඳහා පිරිවැය රුපියල් මිලියන 68,337.22 කි. මෙම පිවිසුම් මාර්‍ගය අධිවේගී මාර්‍ගයක් ලෙස නම් කරමින් පසුගිය 27 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි. සිරිමන්ත රත්නසේකර

