
ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි එක්සත් ජාතීන් ලංකාවට දැනුම් දෙයි!
FM Heart · 1 min read
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී මානුෂීය සේවකයින්ට සහ සහන මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් තීරණාත්මක පියවර දෙකක් ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්‍යාලය (OHCHR) නිර්‍දේශ කර තිබේ. ශ්‍රී ලංකා රජය වෙත: සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙසත්, නීතිපති දෙපාර්‍තමේන්තුවෙන් සම්පූර්‍ණයෙන්ම වෙන් වූ ස්වාධීන මහජන අභිචෝදක කාර්‍යාලයක් වහාම පිහිටුවන ලෙසත් දැනුම් දී ඇත. ජාත්‍යන්තර ප්‍රජාව වෙත: බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක කෙරෙහි අවධානය යොමු කරන ලෙස යෝජනා කර තිබේ. මෙම වාර්‍තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර ඒ පිළිබඳ අදහස් දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා රජය වෙත යොමු කර තිබූ බව OHCHR සඳහන් කරයි. කෙසේ වෙතත්, වාර්‍තාව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විටත් ඊට ශ්‍රී ලංකා රජයෙන් කිසිදු පිළිතුරක් ලැබී නොතිබූ බව එම වාර්‍තාවේ වැඩිදුරටත් දැක්වේ.

