
සදුදා වර්‍ජනය කරන වෘත්තීය සමිතිවලට එරෙහිව වතු කම්කරුවන් පොල් ගසයි
FM Heart · 1 min read
2027 අයවැයට එරෙහිව ඇතැම් රාජ්‍ය සේවක වෘත්තීය සමිති ලබන 30 වනදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්‍ජනයට තමන් කිසිදු සහායක් ලබා නොදෙන බව හැටන් බෝගහවත්ත ප්‍රදේශයේ වතු කම්කරුවන් පවසනවා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැංවීම ඇතුළු වත්මන් රජයේ වැඩපිළිවෙළට තම සහයෝගය හිමිවන බවයි මාධ්‍ය වෙත අදහස් දැක්වූ කම්කරුවන් සඳහන් කළේ. එම වැඩපිළිවෙළට සමස්ත රාජ්‍ය සේවකයින් ද සහාය දැක්විය යුතු බවත්, ඊට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්‍ගවලට තම විරෝධය පළ කරන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා. .

