FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රාජාංගනයේ සද්ධාරතනලා තාමත් අත්අඩංගුවට ගෙන නෑ

FM Heart · 1 min read

The Heart Academy
බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස සත්‍යග්‍රහය පැවැත්වූ රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සල් භූමිය අසල ස්ථානයට තවත් සිවිල් පුද්ගලයින් කණ්ඩායමක් සමග කඩා වැදී, සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ අසල සිටි සිවිල් පුද්ගලයන් සමග ගැටුමක් ඇති කර ගත් බවට චෝදනා ලබා සිටින රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු කිසිදු සැකකරුවකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. එම පිරිස අත්අඩංගුවට නොගන්නේ මන්දැයි කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ, රාජාංගනයේ සද්ධාරතන නමැත්තා හෝ ඔහු සමග පැමිණි බව කියන පුද්ගලයන් පිළිබඳව ප්‍රකාශ ලබාදීම මෙතෙක් බළන්ගොඩ කස්සප හිමියන්ගේ පාර්‍ශ්වයේ සියලු දෙනා විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි. මේ අතර අදාළ ගැටුමේදී හිසට තුවාල සිදුවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ රාජාංගනයේ සද්ධාරතන නමැත්තා මේ වන විටත් අනුරාධපුර රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි. අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද සහ මිහින්තලේ රංග චතූ සහ අනුරාධපුර පර්‍සි කුරුනේරු
99mobile