
මාළු අල්ලන App එක දැන් ලක්‍ෂයකට වඩා පාවිච්චි කරනවා..
FM Heart · 1 min read
අයවැය විවාදයට එක්වෙමින් අද (13) පාර්‍ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙම තාක්ෂණික යෙදුම තවදුරටත් නවීන පහසුකම්වලින් සවිබල ගන්වා වැඩිදියුණු කිරීම සඳහා විදේශීය සමාගම් මෙන්ම මෙරට ප්‍රමුඛ සන්නිවේදන ආයතන සමඟ ද මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මෙවර ඉදිරිපත් කෙරුණු නව අයවැය මඟින් ද අදාළ මෘදුකාංග යෙදුම වැඩිදියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය හා ප්‍රතිපත්තිමය අවධානය යොමු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

